2026 වෙද්දි ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් අහිමි වේවි – කෙවින් පීටර්සන්ගෙන් අනාවැකියක්

තවත් වසර පහකින්, එනම් 2026 වසර වන විට ලොව ඉතිරි වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් කිහිපයක් පමණක් බව හිටපු එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන් පවසනවා.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පීටර්සන් මේ බව ප්‍රකාශ කරනවා.

එහිදි ඔහු පවසන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ලෙස ඉතිරි විය හැකි බවයි.

මේ අනුව පීටර්සන්ගේ අනාවැකිය අනුව දැනට ටෙස්ට් වරම් ලබා තිබෙන ශ්‍රී ලංකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ බංග්ලාදේශය වැනි රටවල් වලට ටෙස්ට් වරම් අහිමි වේ.

කෙවින් පීටර්සන්ගේ ට්විටර් පණිවිඩය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button