යොවුන් මහීෂ් තීක්ෂණගේ රහස් පන්දුව ක්‍රියාත්මකයි – දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තෙවෙනි එක්දින තරගයෙන් ලකුණු 78ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ අද දින එක්දින වරම් දිනාගත් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ දක්ෂතා හේතුවෙන්.

කැරම් පන්දු යවන දඟ පන්දු යවන්නෙකු වන මහේෂ් තීක්ෂණගේ කැරම් පන්දුව හඳුනා ගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට නොහැකි වූ අතර එක්දින ජාත්‍යන්තර පිටියේ තමන් යැවූ පළමු පන්දුවෙන්ම ඔහු කඩුල්ලක් දවා ගැනීම විශේෂත්වයක්. ඔහුට දැවී ගියේ තරගාවලියේ දස්කම් දක්වමින් පසුගිය තරගයේ ශතකයක් ලබාගත් ජැන්මන් මාලන් වීම කැපී පෙනුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු නවයක් දැවී ලබා ගත්තේ ලකුණු 201ක් පමණි. චරිත් අසලංක ලකුණු 47ක් ලබා ගත් අතර වෙනත් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක වීමට හැකි වූයේ නැහැ.

ලකුණු 202ක පහසු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 30ක් අවසානයේ ලකුණු 125කට සියලූම දෙනා දැවී ගියා. පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ මහේෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 4ක්ද, වනිඳු හසරංග කඩුලු 3ක්ද, දුෂ්මන්ත චමීර කඩුලු දෙකක්ද දවාගත්තා.

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෙන්රිච් ක්ලාසන් ලකුණු 22ක් ලබා ගත්තා.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ චරිත් අසලංක අත්‍යවශ්‍යම මොහොතේ ඇන්ඩිල් පෙලුක්වායෝ දවා ගත්තේ, හත්වෙනි කඩුල්ලට ගොඩ නැගුනු ලකුණු 37ක සම්බන්ධතාවයක් බිඳ දමමින්.

දකුණු අප්‍රිකානු අවසාන කඩුල්ල ලෙස මහීෂ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 15කට කේෂව් මහාරාජ් දැවී ගියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කරමින්.

මේ අනුව ශ්‍රී ලංකාව තරග තුනකින් යුතු එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකාව එක්දින තරගාවලියකින් දකුණු අප්‍රිකාව පරාජය කළේ වසර නවයකට පසු වීම විශේෂත්වයක්.

Sri Lanka : 203/9 (50 Overs)

Charith Asalanka c †Klaasen b Shamsi 47 (71)

South Africa : 125/10 (30 Overs)

Heinrich Klaasen † lbw b Theekshana 22 (30)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button