අද තරගයේ ශ්‍රී ලංකා රසිකයන්ට සුභ පණිවිඩයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අද (12) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුස්ල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමේ ඉඩක් පවතින බව වාර්තා වේ.

ඒ කුසල් ජනිත් පෙරේරා ඊයේ (11) පස්වරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම හේතුවෙනි. කුසල් ජනිත් පෙරේරා පසුගිය ජුලි මාසයේ සිට කිසිදු ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නැහැ. නිමාවූ එංගලන්ත තරගාවලියේදී ඔහු ආබාධයකට ලක් වුනා.

වාර්තා වන අන්දමට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට පැමිණීමත් සමග කණ්ඩායමේ ස්ථානය අහිමි වන්නේ මෙතෙක් නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩා කල භානුක රාජපක්ෂ හට. ඔහු පිට පිට තරග තුනකදී ලකුණු බිංදුවට දැවී ගොස් සිටිනවා.

භානුක රාජපක්ෂගේ කඩා වැටීම පිළිබඳව බොහෝ කතාබහට ලක්වූ අතර, පසුගිය දිනෙක ලසිත් මාලිංග ප්‍රකාශ කළේ භානුක රාජපක්ෂ ප්‍රථමයෙන් සිය විශ්වාසය ගොඩ නගා ගැනීමට කටයුතු කල බවයි. කෙසේ වෙතත් භානුක ලෝක කුසලාන සංචිතයට ඇතුලත්ව තිබෙනවා.

මේ වනවිට තරගාවලියේ පළමු තරගය ජය ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම 1 – 0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button