ළහිරු මදුශංක ලෝක කුසලානයෙන් ඉවත් වෙන ලකුණු – ආදේශකය මැතිවුස් ?

එළඹෙන T20 ලෝක කුසලානය උදෙසා නම් කළ 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයෙන් තුන් ඉරියව් ළහිරු මදුශංක ඉවත් කිරීමේ අවදානමක් මතුව තිබේ.

ඒ පසුගිය දකුණු අප්‍රිකාව සමග තෙවන T20 තරගයේදි ආබාධයකට ලක් වීම හේතුවෙන්. වාර්තා වන අන්දමට මෙම ආබාධය හේතුවෙන් ඔහුට කලකට ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට සිදු වෙනවා.

මෙලෙසට ළහිරු මදුශංක ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කෙරුනහොත්, ඔහුගේ ආදේශකය පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටුව සළකා බලමින් සිටිනා බවත් වාර්තා වේ.

ළහිරු මදුශංක වෙනුවට සංචිතයේ ඉඩක් වෙන් කෙරෙන්නේ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුට බවත් වාර්තා වේ. ඒ පිළිබඳව සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී තිබේ.

මේ අනුව ළහිරු මදුශංකගේ ස්ථානය සඳහා ජ්‍යේෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලො මැතිවුස් පත් කිරීමේ ඇති හැකියාව පිළිබඳවත් තේරීම් කමිටුව සළකා බලමින් සිටින බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කිරීමත්, ඕනෑම අවස්තාවක පන්දු යවා කඩුල්ලක් දවා ගැනීමට ඇති හැකියාවත්, ජ්‍යේෂ්ඨත්වය සහ අත්දැකීම් හේතුවෙන් ඇන්ජලො මැතිවුස් පිළිබඳව තේරීම් කමිටුව මෙලෙසින් සළකා බලමින් සිටියි.

ඇන්ජලො මින්පෙර ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේ තමන් T20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට සුදානමින් පසුවන බවයි. කෙසේ වෙතත් නවක ක්‍රීඩකයන්ට අවස්තාව ලබා දීමේ තේරීම් ප්‍රතිපත්තිය අනුව ඔහුට සංචිතයේ ස්ථානයක් හිමි වුනේ නැහැ.

කෙසේ වෙතත් පසුගිය දකුණු අප්‍රිකාව සමග T20 තරගාවලිය ශ්‍රී ලංකාව 3-0ක් ලෙස පරාජය වූ අතර, එම පරාජයෙන් පසුව ජ්‍යේෂ්ඨයන් නොමැතිව ක්‍රීඩා කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රිකට් පරිපාලනය විසින් ප්‍රශ්න කෙරුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button