දකුණු අප්‍රිකානු තරගාවලියේ තරග පාවා දීමේ චෝදනාව – මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රිකට් ආයතනය කියයි!

නිමාවු දකුණු අප්‍රිකානු තරගාවලියේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු සිය උපරිමය ලබා නොදී ක්‍රීඩා කර ඇතැයි කණ්ඩායම් කළමණාකාරීත්වය හෙළිදරව් කර ඇතැයි මාධ්‍යයේ පළවූ පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මාධ්‍යයේ පළවූ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් එවැනි පැමිණිල්ලක් ක්‍රිකට් ආයතනයට ලැබී නැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළ කළ නිවේදනයේ දැක්වෙන්නේ,

“දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් පූර්ණ කැපවීමකින් හෝ හිතා මතාම දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ බවට ඇතැම් මාධ්‍ය විසින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියි.

එවැනි ක්‍රීඩකයින් සම්බන්ධව කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැති බවද ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. මෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කළ එක්දින තරගාවලියටද ක්‍රීඩා කරන ලද්දේ එකම කණ්ඩායම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දීමට කැමැත්තෙමි.” යනුවෙනි.

ප්‍රථමයෙන්ම මෙම පුවත වාර්තා කළේ The Morning පුවත්පත විසින්. ඔවුන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දකුණු අප්‍රිකානු තරගාවලියේදි හිතාමතාම දස්කම් නොදැක්වු ක්‍රීඩකයන් දෙදෙනෙකු පිළිබඳ පැමිණිලි ලැබී ඇතැයි හෙළිකළා.

ඉන්පසු තේරීම් කමිටු සමාජික රොමෙෂ් කළුවිතාරණ සිය ෆේස්බුක් සටහනක් තබමින් මෙම චෝදනාව අසත්‍ය බව ප්‍රකාශ කළා.

ඉන්පසුව අද (16) දින මුද්‍රිත මාධ්‍ය බොහෝමයක් මෙම පුවත වාර්තා කර තිබුනා. රජයේ පුවත්පතක් වන දිනමිණ සහ මවුබිම ආදී පුවත්පත් මෙම පුවත වාර්තා කරමින් හිතාමතාම දස්කම් නොදැක්වූ ක්‍රීඩකයන් දෙදෙනෙක් පිලිබඳ ක්‍රිකට් ආයතනයේ ඉහළ බළධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා කර තිබේ.

මේ අතර දිනමිණ පුවත්පත තවදුරටත් වාර්තා කර තිබුනේ ප්‍රීමීයර් ලීග් තරගාවලියකට ක්‍රීඩා කිරීමට සුදානමින් සිටි ක්‍රීඩකයෙකු තරගාවලියේදී අලසව පන්දු රැක තිබෙන බවයි. ඒ තරගාවලියේදි අබාධයකට ලක්නොවූ අදාල තරගාවලිය ක්‍රීඩා කිරීමේ අරමුණින් බවත් එම වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවේ දැක්වුනේ

“අන්තර්ජාතික මට්ටමේ විශාල මුදලක් ගෙවන ප්‍රිමීයර් ලීග් T20 තරගාවලියකට යෑමට අපේක්ෂාවෙන් සිටි ක්‍රීඩකයකු ආබාධයට ලක් නොවී වැඩි පරිස්සමෙන් ක්‍රීඩා කිරීමට යෑම හේතුවෙන් තවත් ගැටලුවක් නිර්මාණය වූ බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

වෙනදා එස්ට්‍රා කවර් හා කවර් පොයින්ට් යන ඉතා කාර්ය බහුල ස්ථානවල පන්දු රකින මේ ක්‍රීඩකයා මිඩ් ඕෆ් හා මිඩ් ඕන් යන ස්ථානවල හා හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමට අවස්ථාව ඉල්ලා සිටින හෙයින් ඔහුගේ උපරිමය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලබා ගැනීමේ අපහසුතා පැන නැඟී ඇතැයි ද වාර්තා වේ.

ඉතා පැහැබර අනාගතයක් ඇති මේ ක්‍රීඩකයා පන්දු රැකීමේදී ආබාධයකට ලක් වුව හොත් ඉදිරියේ පැවැත්වෙන ප්‍රිමීයර් ලීග් තරගාවලිය අහිමි වේ යැයි බියෙන් පසු වීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි දැනගන්න ඇත.” යනුවෙනි.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය මෙම සියලූම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ක්‍රිකට් ආයතනයේ සම්පූර්ණ නිවේදනය,

“දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් පූර්ණ කැපවීමකින් හෝ හිතා මතාම දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ බවට ඇතැම් මාධ්‍ය විසින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියි.

එවැනි ක්‍රීඩකයින් සම්බන්ධව කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැති බවද ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. මෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කළ එක්දින තරගාවලියටද ක්‍රීඩා කරන ලද්දේ එකම කණ්ඩායම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දීමට කැමැත්තෙමි.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළා පමණක් නොව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයකට පැමිණීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මෑත කාලයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම වැදගත් ජයග්‍රහණ රැසක් වාර්තා කරමින් නිවැරදි මාවතට ගමන් කරමින් ඉදිරියෙන් ඉදිරියට යන බව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අවබෝධ කරගෙන සහ පිළිගෙන තිබෙන කරුණකි.

එබැවින් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වන මේ මොහොතේ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කණ්ඩායම ව්‍යාකූල තත්ත්වයකට පත්වීමට ඉඩ පවතින බැවින් මෙවැනි ආකාරයේ පුවත් මින් ඉදිරියට ප්‍රකාශයට පත් නොකරන ලෙසද සාදාචාරාත්මක මාධ්‍යකරණයේ නියැළෙන ලෙසත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ ප්‍රවෘත්ති ආයතන වලින් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙවැනි අසත්‍ය වාර්තා සමාජ ගත කිරීම තුළින් කණ්ඩායම තුළ දක්ෂතා වෙනුවෙන් කැපවීමෙන් සහ දැඩි කැමැත්තෙන් යුතුව ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ට එය මානසික වශයෙන් බලපානු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහස වේ.”

The Morning ඊයේ තැබූ ට්විටර් සටහන,

දිනමිණ පුවත්පත අද පළ කළ වාර්තාව,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button