IPL ගිය වනිඳුගේ පන්දු වලට විරාත් කෝලි පහර දුන් හැටි! (VIDEO)

අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා පිටත්ව ගිය වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග එක්වී පුහුණුවීම් ඇරඹුවා.

හෙට දිනයේ (19 වැනිදා) ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලිය ආරම්භ වීමට නියමිත වන අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට තෝරාගෙන සිටියි.

කණ්ඩායමේ නායකත්වය දරන්නේ සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි විසිනි.

එහිදී ක්‍රීඩකයන් දෙදෙනාට ඉහළ පිළිගැනීමක් ලැබුනු අතර පුහුණු දැල් තුල පිතිකරුවන්ට පන්දු යැවීමටත් යොමු කෙරුනා.

මේ අනුව වනිඳු හසරංග පුහුණුවීම් වල වැඩිපුරම පන්දු යවා ඇත්තේ ඉන්දීය නායක විරාත් කෝලීටය. විරාත් කෝලී ඉතා උනන්දුවෙන් වනිඳු හසරංගගේ පන්දු හමුවේ පුහුණුවීම් සිදු කර ඇති බවත් වාර්තා වේ.

කෝලී වනිදු හසරංගගේ පන්දු වලට පහර දුන් හැටි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button