මේ තනතීරු ගැන හැමදේම වනිඳු දන්නවා – IPL ගිය වනිඳු, චමීර ගැන විරාත් කෝලී කියූ කතාව!

යොවුන් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය කණ්ඩායම සමග එක්වීම, සිය කණ්ඩායමට විශාල සහායක් වනු ඇති බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසනවා.

අද දින ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලිය ඇරඹෙන අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් විරාත් කෝලි මේ බව ප්‍රකාශ කළා.

එහිදි කෝලි ප්‍රකාශ කළේ තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගන තත්ත්වයන් සලකා බැලීමේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනා සිය කණ්ඩායම සතු වීම විශාල ශක්තියක් බවයි.

තවදුරටත් අදහස් දක්වමින් විරාත් කෝලි ප්‍රකාශ කළේ වනිඳුගේ සහ චමීරගේ ආගමනය හේතුවෙන් ඇඩම් සම්පා හා කේන් රිචර්ඩ්සන් වැනි ක්‍රීඩකයින් ඉතිරි තරග සදහා ක්‍රීඩා නොකිරීම සිය කණ්ඩායමට බලපෑමක් නොවන බවයි.

මන්ද සම්පාට සහ රිචර්ඩ්සන්ට වඩා වනිඳු සහ චමීර තනතීරූ සම්බන්ධයෙන් අවබෝධයක් සහිත විම එයට හේතුව කෝලි ප්‍රකාශ කළා.

මෙහිදි අදහස් දැක්වූ විරාත් කෝලි,

“සම්පා සහ රිචර්ඩ්සන් වෙනුවෙන් ආදේශ කළ වනිඳු සහ චමීර මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් හොද දැනීමක් තියෙන ක්‍රීඩකයින් උප මහද්වීපයේ තත්ත්වයන් මෙම කාලයේ දී ගොඩක් දුරට සමානයි. වනිදු හා දුෂ්මන්ත ගොඩක් තරග ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන්ට තේරෙනවා මෙම තණතීරුවල ක්‍රීඩා කළ යුතු ආකාරය. ඔවුන්ගේ දක්ෂතා අපට විශාල උපකාරයක් වේවි.”

අද ඇරඹෙන IPL තරගාවලියේ, චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හෙට (20) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

වනිඳු සහ චමීර රෝයල් චැලේන්ජර් බැංගලෝර් කණ්ඩායමට එක්වූ අයුරු,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button