කුසල් මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක යළිත් පිටියට ?

එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුළ කඩ කරමින් විනය විරෝධීව හැසිරුණු කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව තීරණය කළා.

මෙම තරග තහනම 2021 ජුලි මස 30 වෙනිදා සිට 2022 ජුලි මස 30 දක්වා කල්පැවැත්වේ.

කෙසේ වෙතත් එම තහනම ඉවත් වීමට පෙර, එළඹෙන මස පැවැත්වෙන දේශීය අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලිය සඳහා මෙම ක්‍රීඩකයන් තිදෙනා එක්කිරීමට ක්‍රිකට් ආයතනයේ සුදානමක් පවතින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

මෙම තරගාවලිය එළඹෙන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමටත් නියමිතයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ඉහළ ක්‍රිකට් බලධාරියෙක් ප්‍රකාශ කර තිබුනේ

“ඔවුන් තිදෙනා ඔවුන් සිදු කළ ක්‍රියාව පිළිබඳ පසුතැවෙනවා, එම නිසා ඔවුන්ට හැකි ඉක්මණින් දේශීය තරග පිටියට පැමිනීමට ඉඩ දීම සාධාරණයි” යනුවෙනි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ,

“මේ ක්‍රීඩකයන් තිදෙනා විශිෂ්ඨ ක්‍රීඩකයන්, මෙම සිදුවීම සිදුනොවුනා නම් ඔවුන් ලෝක කුසලාන සංචිතයටත් ඇතුලටත් වීම තිබුණා.”

තහනම අවසන් වූ සැණින් මෙම ක්‍රීඩකයන් තිදෙනාට ජාත්‍යන්තර තරග පිටියට එක්වීමට පහසු කිරීම මෙම තීරණයේ අරමුණ බවත් එම වාර්තාවන්ගේ දැක්වේ.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button