මෙවර T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දකියි (VIDEO)

එළබෙන ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය ඊයේ (23) නිකුත් කෙරුණා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් සිය නිල ට්විටර් ගිණුම හරහා ගීතය එළිදැක්වූවා.

මෙම ගීතය Live The Game යනුවෙන් මෙම නම් කර තිබේ. ජනප්‍රිය ඉන්දීය සංගීතවේදි අමිත් ත්‍රිවේදි විසින් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

මෙම ගීතයේ රූපරාමු සඳහා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන විරාත් කෝලී, කිරන් පොලාඩ්, ග්ලේන් මැක්ස්වෙල් හා රෂිඩ් ඛාන්ගේ රූප භාවිතා කර තිබේ.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී එළඹෙන 17 වනදා පටන් ආරම්භ වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button