“පාකිස්තානයට බෑ කීවාට ඉන්දියාවට නම් බෑ කියන එකක් නැහැ” ඕස්ට්‍රේලියාවේ උස්මාන් කවාජාගෙන් නවසීලන්තයට දැඩි විවේචන!

මින්පෙර නවසීලන්ත හා එංගලන්ත ක්‍රිකට් ආයතන විසින් සිය ජාතික කණ්ඩායම් සදහා යෙදී තිබූ පාකිස්තාන තරග සංචාරයන් අවලංගු කිරීමේ තීරණය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වුනා. පාකිස්තාන හිටපු ක්‍රීඩක ශාහිඩ් අෆ්රිඩි සඳහන් කර තිබුනේ මෙය පාකිස්තානයේ ක්‍රිකට් විනාශ කිරීමක් ලෙසටය.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජාද නවසීලන්තයේ හා එංගලන්තයේ තීරණ දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.

එහිදි උස්මාන් කවාජා ප්‍රකාශ කර තිබුනේ එම සංචාර ඉන්දියාව වෙත යෙදී තිබුණේ නම් නවසීලන්තය හා එංගලන්තය කිසිසේත්ම එම සංචාර අවලංගු නොකරනු ඇති බවයි. උස්මාන් කවාජා දැන් ඕස්ට්‍රේලියාව නියෝජනය කළත් ඔහු පාකිස්තානයේ ඉපදුනු ක්‍රීඩකයෙක්.

නවසීලන්තය සිය පාකිස්තාන තරග සංචාරය අවලංගු කළේ එරටට ගොස් පළමු එක්දින තරගය ආරම්භ වීමට ස්වල්ප මොහොතකට පෙරයි. ඒ සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව පවසමින්. ඉන්පසුව නවසීලන්තය අනුගමනය කරමින් එංගලන්තයද ඉදිරියේ දී සිදු කිරීමට නියමිත පාකිස්තාන තරග සංචාරය අවලංගු කිරීමට කටයුතු කළා.

මේ පිළිබඳව අදහස් දක්වමින් උස්මන් කවාජා,

“මම හිතන්නේ ක්‍රීඩකයින්ට හා සංවිධායකයන්ට කියන්න ගොඩක් පහසුයි පාකිස්තානයට බැහැ කියලා, මොකද එය පාකිස්තානය නිසා, බංග්ලාදේශය වුණානම් ඒත් ඒ දෙයම සිදු වේවි” යනුවෙන් ප්‍රකාශ කර තිබුනා.

වැඩිදුරටත් අදහස් දක්වමින් කවාජා,

“නමුත් මෙවැනි තත්ත්වයත් තිබුණත් කිසිවෙකුත් ඉන්දියාවටනම් බැහැ කියන එකක් නැහැ.” යනුවෙන්ද ප්‍රකාශ කරමින් සිය දැඩි ස්ථාවරය පෙන්වා තිබුනා.

එළඹෙන වසරේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, උස්මාන් කවාජා සදහන් කර සිටියේ තමන්ට පාකිස්තාන තරග සංචාරයක නිරත වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button