ක්‍රිකට් ලොව හොල්ලන ඉන්දියාවේ අලුත්ම සොයා ගැනීම – හර්ෂාල් පටෙල් ලබා ගත් සුපිරි කඩුලු ත්‍රිත්වය (VIDEO)

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වන ක්‍රීඩකයා බවට පත්ව ඇති හර්ෂාල් පටෙල් සිය සුපිරි දස්කම් තවත් ප්‍රදර්ශනය කරමින් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත් වුනා.

හර්ෂාල් පටෙල්ගේ වේගය අඩාල කර යවන පන්දුව පිතිකරුවන්ට කියවා ගත නොහැකි පන්දුවක් වී තිබෙන අතර, එම පන්දුව “මිස්ට්‍රි ස්ලෝ බෝල්” ලෙස ක්‍රිකට් විචාරකයන් විසින් හඳුන්වනවා.

මේ වනවිට IPL තරගාවලියේ වැඩිම කඩුලුලාභියාට ලබා දෙන “පර්පල් කැප්” හිස් වැසුමටත් හිමිකම් කියන්නේ හර්ෂාල් පටෙල් විසින්. ඔහු තරග දහයක් තුල කඩුලු 23ක් ලබා කඩුලු සටහනේ පෙරමුණේ පසුවෙනවා.

හර්ෂාල් පටෙල්ගේ සුපිරි පන්දු යැවීමෙන් සවිමත් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග පැවැති ඊයේ පැවැති තරගයෙන් ජය 54කින් ජය ගැනීමට සමත් වුනා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් පිල කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට පන්දුවාර 18.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

මුම්බායි කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන්ගේ ඉනිමේ 17 වන පන්දුවාරයේ පළමු පන්දු 3 තුළදීම කඩුලු 3ක් පිට පිට දවා ගනිමින් හර්ෂාල් පටෙල් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ සුපිරි පිතිකරුවන් වන හර්ඩික් පාන්ඩ්යා, කිරන් පොලාඩ් සහ රාහුල් චහාර් වීම විශේෂත්වයක්.

හර්ෂාල් පටෙල්ගේ කඩුලු ත්‍රිත්වය පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button