රහානේ, පුජාරා, අශ්වින් සහ රෝහිත් කෝලිට එරෙහිව නැගී සිටියි – ඉන්දීය නායකත්ව අර්බුධය උග්‍රවේ

සුපිරි පිතිකරු විරාත් කෝලී පසුගියදා ඉන්දීය විස්සයි විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වුනා. මේ සමගම පුහුණුකරු රවී ශාස්ත්‍රීත් පුහුණුකරු ධූරයෙන් ඉවත් වන අතර වාර්තා වූයේ රවි ශාස්ත්‍රී කෝලිට එක්දින තරග නායකත්වයෙන් ඉල්ලා අස් වන ලෙසටද ඉල්ලීම් කර තිබූ බවයි.

කෙසේ වෙතත් විරාත් කෝලී ඉල්ලා අස් වූයේ විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයෙන් පමණයි. මේ සඳහා හේතු වූ කරුණු මේ වනවිට ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට පසුගිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේදී නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජය වීමත් සමගම කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් සහ කෝලි අතර මතගැටුම් උත්සන්න වී තිබේ. මින්පෙරත් නායකයෙකු ලෙස රෝහිත් ෂර්මා, විරාත් කෝලිට වඩා සුදුසු බව ඉන්දීය මාධ්‍ය සහ රසිකයන් කලක පටන් වාර්තා කරමින් සිටියේය.

මෙම පරාජයෙන් පසුව උප නායක අජින්ක්‍යා රහානේ, ජ්‍යේෂ්ඨ පිතිකරු චෙතෙස්වර් පුජාරා සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක රවිචන්ද්‍රන් අශිවින් නායක විරාත් කෝලි සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

විරාත් කෝලිගේ ආකල්ප සහ ඔහු තමන් වටා කේන්ද්‍රගත ක්‍රීඩකයෙක් බවටත් මෙම ක්‍රිඩකයන් චෝදනා කර තිබෙන බවත් එම වාර්තාවන්ගේ දැක්වේ.

අනතුරුව එරට ක්‍රිකට් බලධාරීන් විසින් කෝලි සම්බන්ධයෙන් අනෙක් ක්‍රීඩකයින්ගෙන් ද තොරතුරු විමසා තිබුණි. එහිදී බොහෝ ක්‍රීඩකයින් කෝලිට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබූ බව මෙම වාර්තාවන්ගේ සඳහන් වේ.

ඔහු ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුව බව මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම සියලූම වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button