ලෝක කුසලාන සංචිතයට නොගත්තාට පිත්තෙන් පිළිතුරු – ඩිල්ෂාන් මුනවීර, සඳුන් වීරක්කොඩි EPL පිටිය හොල්ලයි!

නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රීමියර් ලීගයේ තවත් තරගයක් අද (1) පැවැත්වුනා. මෙම තරගයේදී ශ්‍රී ලාංකික පිතිකරුවන් වන සඳුන් වීරක්කොඩි සහ ඩිල්ෂාන් මුනවීර පෙන්වූ දක්ෂතා කැපී පෙනුනා.

තරගය පැවැත්වුනේ සඳුන් වීරක්කොඩි ක්‍රීඩා කරන ලලිත්පූර් පේට්‍රියට්ස් සහ ඩිල්ෂාන් මුනවීර ක්‍රීඩා කරන බිරාත්නගර් වෝරීයර්ස් කණ්ඩායම් අතරයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ලලිත්පූර් පේට්‍රියට්ස් කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 226ක් ලබා ගත්තා. එහිදි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සඳුන් වීරක්කොඩි පන්දු 43කින් වේගවත් ලකුණු 34ක් ලබා ගත්තා.

සඳුන් වීරක්කොඩිගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර දහයක් අන්තර්ගත වුනා. මේ සඳුන් වීරක්කොඩි තරගාවලියේ පිට පිට ලබා ගත් දෙවන අර්ධ ශතකයයි.

මෙහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ ඩිල්ෂාන් මුනවීර පන්දුවාර තුනක් යවා ලකුණු 13ක් පමණක් ලබා දී කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුනා. සෙසු සෑම පන්දුයවන්නෙකුටම පන්දුවාරයකට ලකුණු 10කට වඩා උදුරාගැනීමට සඳුන් වීරක්කොඩි ප්‍රමුඛ ලලිත්පූර් පිතිකරුවන් සමත්වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බිරාත්නගර් වෝරීයර්ස් කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වුයේ කඩුලු අටක් දැවි ලකුණු 189ක් පමණයි.

කෙසේ වෙතත් මෙහිදී බිරාත්නගර් වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් මුනවීර පන්දු 39කදී වේගවත් ලකුණු 59ක් ලබා ගත්තේ පිළිතුරු ඉනිම වැඩිම ලකුණු ලාභියා වෙමින්.

ඩිල්ෂාන් මුනවීරගේ ඉනිමට යෝද හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් අන්තර්ගත වූවා. මෙහිදී ඩිල්ෂාන් මුනවිර විසින් පිටියෙන් පිටතටත් හයේ පහරක් එල්ල කිරීමත් විශේෂත්වයක්.

සඳුන් වීරක්කොඩි සහ ඩිල්ෂාන් මුනවීර දෙදෙනාම කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් සඳහා සළකා බැලුනේ නැහැ. ඩිල්ෂාන් මුනවීර සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ සිටිනා ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලෙසය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button