ජාත්‍යන්තරයේම ගෞරවය දිනු සංගක්කාරගේ ඓතිහාසික යෝජනාව!

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සභාපතීත්වය දැරු එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ නව සභාපතීත්වය එංගලන්ත හිටපු කාන්තා ක්‍රිකට් නායිකාවක් වන ක්ලෙයාර් කොනෝර්ට හිමිව තිබේ.

මෙම පත්වීම ඉතිහාසගත වන්නේ ක්‍රිකට්‍ ක්‍රීඩාවට සම්බන්ධ සියලූම නීති රීති ආදින පනවන මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපතීත්වය සඳහා කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව ලෙසය.

මාර්ලිමෝන් ක්‍රීඩා සමාජයේ සම්ප්‍රදාය වන්නේ වත්මන් සභාපතිවරයා විසින් ඊළග සභාපතිවරයා නම් කිරීමය.

2019 වසරේදී MCC ක්‍රිකට් සමාජයේ සභාපතීත්වය සදහා කුමාර් සංගක්කාර පත්වුනා. සම්ප්‍රදාය අනුව ඔහුගෙන් පසු එහි සභාපතීත්වය හිමිවිය යුත්තේ කවුරුන්ද යන්න නම් කළ යුත්තේ සංගක්කාර විසිනි.

ඒ අනුව, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමදී වර්තමාන සභාපති සංගක්කාර විසින් ඉදිරි වසරේ සභාපතිධුරය වෙනුවෙන් එංගලන්ත වෙනුවෙන් පළමුවරට අළුබදුන ක්‍රිකට් ශූරතාව දිනු ක්ලෙයාර් කොනෝර්ගේ නම යෝජනාකර තිබේ.

ඇයගේ නම 2020 වසරේදී සංගක්කාර විසින් යෝජනා කර තිබුණත් ලෝකය පුරා පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ඇයට රාජකාරි ආරම්භ කිරීමට හැකි වූයේ නැත.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ක්ලෙයාර් ගේ නායකත්වයෙන් 2005 වසරේදී එංගලන්තය සිය කුළුදුල් අළුබදුන ජයග්‍රහණය හිමි කරගත්තේය.

කුමාර් සංගක්කාරගේ මෙම යෝජනාව ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි ලෙස ප්‍රශංසා දිනා තිබුනා. ඒ කාන්තාවන්ටත් සම අයිතිවාසිකම් ලබා දෙමින් MCC හි සභාපතීත්වය කාන්තාවකට ලබා දීම පිළිබඳවය.

ක්‍රිකට් ක්‍රීඩාව තුල සංගා, කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනි සිටි මුල් වතාව මෙය නොවන අතර, මින්පෙර ඔහු විසින් ක්‍රීඩා විස්තර විචාරය තුලදී පිතිකරුවාට Batsman යන නාමයෙන් හැදින්වීම තහනම් කරනු ලැබුවා. ඒ වෙනුවට පිතිකරුවන් සහ පිතිකාරියන් සියලූම දෙනා Batter යන පොදු නාමයෙන් හැඳින්විය යුතුය.

කුමාර් සංගක්කාර MCC හී සභාපතීත්වයට පත්වූ ලොව ප්‍රථම බ්‍රිතාන්‍ය නොවන ජාතිකයාය. සංගා සැලකෙන්නේ ජාත්‍යන්තරයේ වඩාත්ම ආකර්ෂණීයත්වයට පත් ශ්‍රී ලාංකිකයා ලෙසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button