ඉන්දියාවම දිනු අපේ තරුව යොහානි හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගෙන යෑමට යෝජනාවක්!

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා මේ වනවිට සිය ඉන්දීය සංචාරයේ ප්‍රසංග පවත්වමින් සිටිනවා.

අද පැවැත්වෙන්නේ ඇයගේ හයිද්‍රාබාද් සංගීත ප්‍රසංගයයි. මේ වන විට යොහානි ද සිල්වා ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින අතර සුපිරි බොලිවුඩ් තරු සහ එරට ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝමයක් මේ සංගීත දර්ශන නැරඹීමට පැමිණ තිබුනා.

යොහානි විසින් ගැයූ මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූටියුබ් වෙබ් අඩවියේ මිලියන 137කට වැඩි පිරිසක් නරඹා තිබෙනවා. ඒ අතරින් බහුතරය අසල්වැසි ඉන්දියානුවන් වීම විශේෂත්වයක්.

මේ අතර යොහානි ද සිල්වාගේ දැඩි ජනප්‍රියත්වය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා භාවිතා කිරීමට වන යෝජනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලින් මතුව තිබෙන බව වාර්තා වේ.

ඒ එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියේ නිල තේමා ගීතය ගැයීම සඳහා යොහානි යොදා ගැනීමට මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.

යොහානි අසල්වැසි ඉන්දියාව ඇතුලු විදෙස් රටවල ඇති කරගෙන සිටින දැඩි ජනප්‍රියත්වය හේතුවෙන් යොහානි, LPL තේමා ගීතය ගැයූවහොත් එය විදෙස් රටවල අතිශය ජනප්‍රිය වීම LPL තරගාවලියට වාසිදායක බව එහිදි කතාබහට ලක්ව තිබේ.

මේ අනුව බොහෝ විට LPL තරගාවලියේ තේමා ගීතය ගැයීමේ යොහානිට හිමි වීමේ ඉඩක් පවති.

අතිශය ජනප්‍රිය වූ යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button