LPL තරගාවලිය සඳහා නම් කළ තාක්ෂණික කමිටුව මෙන්න

එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර දෙසැම්බර් 4 වැනිදා සිට 23 දක්වා පැවැත්වීමට සියලූම කටයුතු සුදානම් කර තිබේ.

මෙවර තරගාවලියේ තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නම් කළා.

සිවුදෙනෙකුගෙන් යුතු ලංකා ප්‍රිමියර් ලීගයේ මෙම තාක්ෂණික කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවෙකු වන චරිත් සේනානායක හා හිටපු තේරීම් කමිටු සමාජිකයෙකු වන විනෝදන් ජෝන් ඇතුළත් කොට තිබේ.

එමෙන්ම හිටපු විනිසුරු ටිරෝන් විජේවර්ධන සහ SSC ක්‍රීඩා සමාජය නියෝජනය කළ ශේන් ප්‍රනාන්දුත් LPL තාක්ෂණික කමිටුවට ඇතුළත් කොට තිබේ.

මෙම තාක්ෂණික කමිටුව විසින් තරගාවලියට අදාල සියලු තාක්ෂණික අංශ හා තරගාවලිය සම්බන්ධ වෙනත් කාරණා සියල්ලම හසුරවීමට නියමිතයි.

එමෙන්ම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා පිටියට පැමිණ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට නියමිත බවටත් වාර්තා වෙනවා. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුනද සිල්වා මේ බව මින්පෙර තහවුරු කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button