අහම්බයක්යක්ද? තරග පාවාදීමක්ද ? IPL පිටියේ පිට පිට දෙවන වතාවටත් තෙවන විනිසුරුවන්ටත් තීරණ වරදියි!

ක්‍රිකට් ක්‍රීඩාවේදි විනිසුරුවන් විසින් වැරදි කිරීම සාමාන්‍ය තත්වයක්.

විශේෂයෙන් පිතිකරුවන් කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවන් මෙන්ම කඩුලු රකින්නා අතට උඩ පන්දු ලබා දී දැවී යන අවස්ථා සම්බන්ධයෙන් ලබා දෙන තීරණයන්ගේ ඇතැම්විට දෝෂ පැවතිය හැකියි.

ඒ හේතුව නිසාම පසුකාලීනව විනිසුරු තීරණ යළිත් සළකා බැලීමේ ක්‍රමවේදයත් හදුන්වා දුන්නේ එවැනි අතපසු වීම් වලින් සිදුවන හානිය අවම කරගැනීමේ අරමුණින්. එහිදී නව තාක්ෂණය භාවිතා කරමින් තෙවැනි විනිසුරු විසින් ඉතා නිවැරදී තීරණයක් ලබා දෙනවා.

නව තාක්ෂණය, වීඩියො පුනරූපන ආදිය හේතුවෙන් ක්‍රීඩා පිටියේ තෙවන විනිසුරුගේ තීරණ වැරදී වීම සිදු වන්නේ බොහෝ කලාතුරකින්.

කෙසේ වෙතත් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගියදා පැවැති 48 වන තරගයේ දී සහ 50 වැනි තරග ද්විත්වයේදීම තෙවන විනිසුරු විසින් වැරදි තීරණ දෙකක් ලබා දීම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති කරුණක්. මෙම තරග දෙකම තීරණාත්මක තරඟ වීම විශේෂත්වයක්.

ප්‍රථම වැරදීම

තරගාවලියේ 48 වන තරගය පැවැත්වුණේ විරාත් කෝලී විසින් නායකත්වය චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල් විසින් එක් අවස්ථාවක කඩුලු රකින ක්‍රීඩක කේ.එල් රාහුල්ට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට පංජාබ් ක්‍රීඩකයින් ඉල්ලීමක් සිදු කළා.

නමුත් විනිසුරු විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට පංජාබ් පිල කටයුතු කළා.

පුනරූපනවලදී දක්නට ලැබුණේ පන්දුව අත්ආවරණවල ගෑවී කඩුලු රකින්නා වෙත ළගා වූ බවයි. ඒ අනුව පිතිකරුවා දැවී ගිය අයෙකු විය යුතු බවට බොහෝ දෙනෙකු මත පල කළ ද , තෙවන විනිසුරු විසින් පඩික්කල් දැවී නොගිය ක්‍රීඩකයෙක් විසින් නම් කිරීම විශේෂත්වයක්.

එම තීරණය බොහෝ ක්‍රීඩා විචාරකයින්ගේ මවිතයට මෙන්ම විවේචනයට ද ලක් වුණා. එම විනිසුරු තීරණයෙන් සවිමත් වෙමින් විරාත් කෝලීගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරගය ජය ගත්තා.

දෙවැනි වැරදීම

තරගාවලියේ 50 වැනි තරගය පැවැත්වුණේ මහේන්ද්‍ර සිං දෝනී විසින් නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතරයි.

තරගයේ අවසන් පන්දුවාරය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ විසින් යොමු කළ අතර, තරගය ජය ගැනීමටනම් ඔහු විසින් එම පන්දුවාරයට ලකුණු 6ක් පමණක් ආරක්ෂා කර ගත යුතුව තිබුණා.

අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුව ඔහු පිට ඉන්නට බොහෝ ඈතින් යොමු කරනු ලැබූ අතර, එය තණතීරුවේ පතිත නොවී short-third man කලාපයට ඇදී ගියා.එහිදී එක් ලකුණක් කරා දිව යාමට ද පිතිකරුවන් කටයුතු කළ අතර, විනිසුරු විසින් එය නිපන්දුවක් ලෙස සංඥා කිරීමට ද උත්හාස කරනු දක්නට ලැබුණා.

පන්දුව තණතීරුවේ පතිත නොවන අවස්ථාවක එම පන්දුව නිපන්දුවක් ලෙස සංඥා කළ යුතුයි.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු සමග සාකච්ඡා කිරීමෙන් පසුව විනිසුරු විසින් එය නිපන්දුවක් නොව වයිඩ් පන්දුවක් ලෙස සංඥා කළා.

එම තීරණය ද බොහෝ ක්‍රීඩා විචාරකයින්ගේ විවේචනයට ලක්ව ඇති අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකරු රිකී පොන්ටින් ද අදාළ තීරණයට එම අවස්ථාවේ දී දැඩි අප්‍රසාදයක් පල කරනු දක්නට ලැබුණා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button