“ඔහුට දැන් වයසයි, ඒත් ඒ විශිෂ්ඨත්වය අසමසමයි” M.S දෝනී පිළිබඳ ලියවුනු සංවේදි සටහන!

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් දැනටමත් තරගාවලියේ අවසන් වටයේ ස්ථානයක් වෙන්කරගෙන අවසන්.

තරගාවලියේ ප්‍රථමයෙන්ම අවසන් මහා තරග වටයට පිවිසුනේ හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් නායකත්වය දරනා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. තමන් ක්‍රීඩා කළ තරගාවලි වල වැඩිම වරක් අවසන් තරග වටයට පිවිසි කණ්ඩායම බවට පත්වීමට මේ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුනා.

පසුගිය තරගවාරයන්හි දස්කම් දැක්වූ චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ දස්කම් මේ තරග වාරයේදී දක්නට ලැබුනේ නැහැ. කෙසේ වෙතත් ඔහු මින්පෙර ඉන්දීය ප්‍රිමීයර් ලීගයේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේත් දැක්වූ දස්කම් ක්‍රිකට් රසිකයන්ට අමතකව නැහැ.

වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින 39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි පිළිබඳ සමාජජාලයේ රසිකයෙක් එවැනි සටහනක් එක්කර තිබුනා.

එම සටහන පහතින්,

IPL පටන් ගත්තු මුල් සීසන් වල සෙසු ශ්‍රී ලාංකිකයො ඔක්කොම වගේම මමත් මුම්බායි ඉන්ඩියන්ස් රසිකයෙක්.

වෙන කිසිම හේතුවක් නෙවෙයි, ඒ රසිකත්වයට හේතුව සනත් ජයසූරිය.

සංගා, මහේල නෙවෙයි දෙවියො හිටියත් ලාංකික අපේ ලේ වලට ක්‍රිකට් පිස්සුව ගෙනාවේ සනත්. සනත්ගෙන් තොර පාක්ෂිකත්වයක් අපිට නැහැ. ඉතින් පුදුමයක් නෑ, අපි තෝරගන්නේ සනත්ගේ කණ්ඩායම.

පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාල ෆැෂන් එක නිසාම ක්‍රිකට් පස්සෙන් ගියා. ක්‍රිකට් ෆලො කළා. ෆර්ස්ට් ක්ලාස් මැචස් පවා බලන්න ග්‍රවුන්ඩ් වලට ගියා.

ක්‍රිකට් ඉගෙන ගනිද්දි, ක්‍රිකට් අඳුරගනිද්දි, සම්බන්ධතා හැදෙද්දි ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ අපූරු මනුස්සයාගේ දක්ෂතා දැක්කා. ලෝකයේ වෙනත් කාටවත් කරන්න බැරි දේවල් ඔහු කරනවා.

ඔහුට තමයි ක්‍රිකට් පිටියේ වේගවත්ම දෑත් තියෙන්නේ.. ඔහුගේ රිඇක්ෂන් ස්පීඩ් එක අහලකට ගන්න පුලුවන් ක්‍රීඩකයෙක් මන් දැකලා නෑ. ඔහු තමයි ක්‍රිකට් ලෝකයේ හොදම කඩුලු රකින්නා.

ඔහු ක්‍රිකට් පිටියේ හොදම අවදානයෙන් සහ බුද්ධියෙන් කටයුතු කරන ක්‍රීඩකයෙක්. අපි සිංහලෙන් කියනවා “ප්‍රසන්ස් ඔෆ් මයින්ඩ්” කියලා. ඔහුගේ ප්‍රසන්ස් ඔෆ් මයින්ඩ් තියෙන ක්‍රීඩකයෙක් මම දැකලා නෑ.

රිකී පොංටින් විශිෂ්ඨ නායකයෙක්. හැබැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යය සමයේ රිකී කොච්චර අප්‍රසන්න වැඩ කළාද, ස්ලෙඩ්ජ් කළාද, චීට් කළාද..

මේ මනුස්සයා තරහා නොගෙන, ස්ලෙඩ්ජ් නොකර, චීට් නොකර කැප්ටේන්සියෙන් තරග දිනනවා.

තරගේ පළවෙනිම බෝලෙත්, තරගේ තීරණාත්මක අන්තිම බෝලේත්, තරගයක් දින්නමට්, පැරදුනාමත් ඔහුගේ හැසිරීම, බොඩි ලැන්වේජ්, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් එක වගෙයි.

ඔහු තරම් “කූල්”, කිසිම මගුලක් ගානකට නොගන්න නායකයෙක් අර්ජුනගෙන් පස්සේ මම දැකලා නෑ. ඉතින් ඔහු මම දැකපු විශිෂ්ඨතම නායකයෙක්.

ඔහු තමයි ක්‍රිකට් ලෝකයේ හොදම තරග අවසන් කරන්නා..

ඔහුට ලස්සන පිතිකරණ තාක්ෂණයක් නෑ. ඔහු බැට් කරනවා පොතේ රසිකයන්‍ට බලන්න කැතයි. ඔහුගේ පහරවල් සම්පූර්ණයෙන්ම ක්‍රිකට් බේසික්ස් වලට විරුද්ධයි. හැබැයි ඔහුගේ පාරවල් ඕනෑම පන්දුවක් පිටියෙන් එළියට තියන්න පුලුවන්.

අවසාන පන්දුවාරයේ ලකුණු 20ක් අවශ්‍ය අවස්තාවක්, පන්දු යවන්නා කවුරු වුනත් දෝනි විකට් එකේ නම් දිනන සම්භාවිතාව වැඩි එක්කො ඉන්දියාව, එක්කො CSK..

ඔහු තමයි ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර බෙදුනු ක්‍රිකට් අධිරාජ්‍යය බිඳලා ඉන්දියානු ක්‍රිකට් අධිරාජ්‍යයක් දමන්න ශක්තිමත් පදනමක් දාපු ක්‍රීඩකයා..

ඒ නිසාම ඔහුට ඇති ගෞරවය නිසාම මම කාලෙක ඉදලා ඉන්දීය ප්‍රිමීයර් ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් රසිකයෙක්.

ආදරණීය තලා..
ඔහුට දැන් වයසයි. ඉස්සර වගේ බෝලේ පේන්නේ නෑ. ඉස්සර පහරවල් වදින්නේ නෑ..
හැබැයි ඔහු වගේ සුපිරි ක්‍රීඩකයෙක් යළිත් බිහිනොවේවි.
ඒ මතකයන්, ගෞරවය එහෙමම තියේවි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button