ප්‍රමෝද්‍යගෙන් සුපිරි තීරණයක් – යොවුන් දක්ෂයා සදීර සමරවික්‍රමට නායකත්ව වගකීමක් (Breaking News)

යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වශයෙන් දස්කම් දක්වන සදීර සමරවික්‍රමට නායකත්ව වගකීමක් ලබා දීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රධාන ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව පාකිස්තාන “A” ක්‍රිකට් කණ්ඩායම සමඟ මේ මස අගදී ආරම්භ වීමට ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා “A” කණ්ඩායමේ නායකත්වය සදහා 26 හැවිරිදි සදීර සමරවික්‍රම පත් කර තිබෙන බවත් වාර්තා වේ.

මෙම පත්කිරීම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සිටියදී වීම විශේෂත්වයක්. වත්මන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සැලකෙන්නේ යොවුන් ක්‍රීඩකයන් සඳහා අවස්තාව ලබා දීමට ප්‍රිය කරන තේරීම් කමිටු සභාපතිවරයෙක් ලෙසටයි.

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ රටාවන් තුන තුලදීම ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙන සදීර සමරවික්‍රම ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහිව 2-1ක් ලෙස ජයග්‍රහණය විස්සයි විස්ස තරගාවලියේදීද ක්‍රීඩා කළා.

තරගාවලියේ නිල නොවන ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 28 දා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදි පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලිය නොවැම්බර් 10 වනදා සිට කොළඹ දී ආරම්භ වීමට නියමිතව තිබේ.

සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා A සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා මේවනවිට යොමුකර තිබේ.

පාකිස්තාන කණ්ඩායම මේවනවිටත් සිය සංචිතය නිවේදනය කර අවසන් අතර හයිදර් අලි, මොහොමඩ් හැරිස් ඇතුලු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් එම සංචිතයට නම් කර තිබේ.

එක්දින සංචිතය: Saud Shakeel (නායක), Haider Ali (උප නායක), Abbas Afridi, Abdullah Shafique, Abrar Ahmed, Akif Javed, Arshad Iqbal, Irfanullah Shah, Kamran Ghulam, Khurram Shahzad, Mohammad Haris (කඩුලු රකින්නා), Naseem Shah, Qasim Akram, Salman Ali Agha, Salman Khan (කඩුලු රකින්නා), Zahid Mahmood

සිව්දින සංචිතය: Saud Shakeel (නායක), Haider Ali (උප නායක), Abdullah Shafique, Abrar Ahmed, Abrar Ahmed, Ahmed Safi Abdullah, Arshad Iqbal, Irfanullah Shah, Kamran Ghulam, Khurram Shahzad, Mohammad Haris (කඩුලු රකින්නා), Naseem Shah, Omair Bin Yousuf, Qasim Akram, Salman Ali Agha, Salman Khan (කඩුලු රකින්නා), Usman Salahuddin, Zahid Mahmood

තරගාවලි කාලසටහන

පළමු සිව්දින තරගය – ඔක්තෝබර් 28 – ඔක්තෝබර් 31 – පල්ලෙකැලේ දී
දෙවැනි සිව්දින තරගය – නොවැම්බර් 4 – නොවැම්බර් 7 – පල්ලෙකැලේ දී
පළමු එක්දින තරගය – නොවැම්බර් 10
දෙවැනි එක්දින තරගය – නොවැම්බර් 12
තෙවැනි එක්දින තරගය – නොවැම්බර් 15

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button