විරාත් කෝලිට එරෙහි ඉන්දීය කණ්ඩායමේ අභ්‍යන්තර කැරැල්ල උග්‍ර වේ – කෝලිට එක්දින නායකත්වයත් අහිමි වන ලකුණු!

වත්මන් ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලිට එරෙහි ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයන්ගේ කැරැල්ල දුරදිග ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් පසුගියදා T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වූ විරාත් කෝලිට, ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වයද අහිමි වන තත්ත්වයක් උදා වී ඇති බවත් එම වාර්තාවන්ගේ තවදුරටත් දැක්වේ.

විරාත් කෝලිගේ නායකත්වය යටතේ තමන්ගේ අනාගතය අවිනිශ්චිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ජ්‍යේෂ්ඨ ක්‍රීඩක චෙතෙශ්වර් පුජාරා පැමිණිලි කොට තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබු අතර පසුව එම ලයිස්තුවට අතරට තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් වී තිබෙනවා. ඒ ජ්‍යේෂ්ඨ පිතිකරු සහ ටෙස්ට් උපනායක අජින්ක්‍යා රහානේ සහ ජ්‍යේෂ්ඨ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් .

මෙම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් විසින් විරාත් කෝලිගේ හැසිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වෙත පැමිණිලි කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරමින් සිටියි. එම වාර්තාවන්ගේ දැක්වෙන අකාරයට ඉකුත් ජූනි මස එංගලන්තයේ පැවති ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා අවසාන මහා තරගයේදී ඉන්දියාව ලැබූ පරාජයෙන් පසුව මෙම පැමිණිලි ලැබී තිබේ.

නවසීලන්තය සමඟ පැවති එම තරඟයෙන් ඉන්දියාව පරාජය වීමෙන් පසු එම තරඟයේදී එක්තරා ජේෂ්ඨ ක්‍රීඩකයෙකුගේ දායකත්වය ප්‍රමාණවත් නොවන බව කෝලි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණා. නම සඳහන් නොකළත් එහිදී කෝලී සඳහන් කර තිබුනේ රවිචන්ද්‍රන් අශ්වින් සම්බන්ධයෙන් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.

රවිචන්ද්‍රන් අශ්වින් අවසන් මහා තරගයට ක්‍රීඩා කරවනවාට නායක විරාත් කෝලි විරුද්ධ වී තිබෙන බවත් මින්පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.

අවසන් මහා තරගය පරාජය වීමෙන් පසු වූ නායක විරාත් කෝලි, පූජාරා සහ රහානේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කාමරය තුළට ගෙන ඔවුනට දොස් කියා ඇති බව දැන් ප්‍රසිද්ධ වී තිබෙනවා. ඒ ඔවුන් දෙපළ ඉන්දීය දෙවැනි ඉනිමේදී පිත්තෙන් දැක්වූ දුර්වලතා නිසා.

මේ සිද්ධි පෙළ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම තරඟයට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන්ද තොරතුරු ඒකරාශී කරගෙන තිබෙන බවත් මෙම මාධ්‍ය වාර්තාවන්ගේ දැක්වේ.

ඒ අනුව නායක විරාත් කෝලිට ඉන්දීය ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ තිබෙන ගෞරවය දැන් නැති වී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා කර තිබේ.

විරාත් කෝලී T20 නායකත්වයෙන් ඉල්ලා අස් වූයේ එවැනි පසුබිමකයි. කෙසේ වෙතත් තමන් දිගටම ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකත්වයේ රැඳී සිටින බව කෝලි ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් ඉන්දීය මාධ්‍ය ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය පමණක් නොව එක්දින කණ්ඩායමේ නායකත්වයද විරාත් කෝලිගෙන් ඉවත්කර රෝහිත් ෂර්මාට ලබා දීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර තිබෙන බවයි.

තවද එළඹෙන T20 ලෝක කුසලානයේ ඉන්දීය සංචිතය තෝරා ගැනීමේදී නායක විරාත් කෝලිගේ අදහස් නොසලකා තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් තේරීමට ඉන්දීය තේරීම් කමිටුවට කටයුතු කර තිබෙන බවත් එම වාර්තාවන්ගේ දැක්වේ.

ශිකාර් දවාන් සහ යජුවේන්ද්‍ර චහහල් යන ක්‍රීඩකයන් දෙදෙනා තමන්ට අවශ්‍ය බව කෝලි තේරීම් කමිටුවට දන්වා ඇති මුත් ඊට තේරීම් කමිටුව එකඟ වී නැහැ. චහාල් විරාත් කෝලී නායකත්වය දරන රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන අතර, තේරීම් කමිටුව තෝරා ගත්තේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ රාහුල් චහාර්.

මේ හේතුවෙන් කෝලි හා තේරීම් කමිටුවේ සාමාජිකයන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ගේ තවදුරටත් දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button