මෙන්න අනාවැකිය – සන්රයිසර්ස් කණ්ඩායම ලකුණු 65ට අඩුවෙන් දැවී යනවා නියතයි!

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මුම්බායි ඉන්ඩියන්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගය දැන් පැවැත්වෙනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ඉතා පහසුවෙන් ලකුණු 235ක් ලබා ගත්තා.

විශේෂයෙන්ම ජේසන් හෝල්ඩර් ඇතුලු පන්දු යවන්නන් අවසන් පන්දු වාර කිහිපයෙ ෆුල්ටොස් පන්දු විශාල වශයෙන් යවා මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරුවන්ට අවශ්‍ය සහය දුන්නා.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට තරගාවලියේ Play Offs වටයට පිවිසීමට නම් අද තරගය ලකුණු 171ක පරතරයකින් ජයගත යුතුයි.

අද තරගයේ මුම්බායි මුල් ඉනිමේ කිසිදු තර්ජනයක් නොමැතිව හයිද්‍රාබාද් පන්දු යවන්නන් පන්දු යැවූ අයුරුත්, පන්දු රකින්නන් පහසු උඩ පන්දු අත්හරින අයුරුත් දැක ගත හැකි වුනා.

සන්රයිසර්ස් පන්දු යවන්නන් පන්දු යැවූවේ එල්ලේ තරගයක මෙන් ඉතාම මිත්‍රශීලිව වීම විශේෂත්වයක්. විශේෂයෙන්ම සන්රයිසර්ස් කණ්ඩායම පන්දු රකින්නන් රදවා තිබූ අයුරුත් විචාරකයන්ගේ ප්‍රශ්න කිරීම් වලට ලක් වුනා.

විශේෂයෙන්ම සන්රයිසර්ස් කණ්ඩායමේ පන්දු රකින්නන් පහසු උඩ පන්දු කිහිපයක් අත් හරින අයුරුත්, හතරේ සීමාව අසල පන්දු අත හැරීමත් කැපී පෙනුනා.

මේ අනුව අද තරගයේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන හයිද්‍රාබාද් කණ්ඩායම, ලකුණු 65කට අඩුවෙන් දැවී යන බවට බුකි කරුවන් අනාවැකි පළ කරනවා.

ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට Play Offs වටයට පිවිසීමට ඉඩ සලසා දීමටයි.

මේ පිළිබඳව තරගය ආරම්භ වීමට පෙර සිටම රසිකයෙක් අනාවැකි පළ කර තිබුනා.

එම අනාවැකිය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button