බිනුර ප්‍රනාන්දු ගුවනේ පාවී රැකගත් සුපිරි උඩ පන්දුව! (VIDEO)

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර දෙවැනි T20 තරගය ඊයේ පැවැත්වුනා. එහිදි ශ්‍රී ලංකාව තරගය කඩුලු පහකින් ජය ගැනීමට සමත් වුනා.

මේ අනුව තරගාවලිය 2-0ක්ල් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඕමානයට ආරාධනා කළා. එහිදි ඕමානය පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ළහිරු කුමාර හා චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17.3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා තරගයේ ජයග්‍රහණය ලබා ගත්තා.

එහිදි 6 වන කඩුල්ල වෙනුවෙන් චාමික කරුණාරත්න හා භානුක රාජපක්ෂ නොබිඳුණු ලකුණු 74ක සබදතාවයක් ගොඩ නගා ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළා.

භානුක පන්දු 21කදී ලකුණු 35ක් ද, චාමික පන්දු 26කින් ලකුණූ 35ක් ද රැස් කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 89ක සිටියදී කඩුලු පහක් දැවී ඕමාන කණ්ඩායමට වාසි සහගත තත්ත්වයක් ඇති වුනා.

ඉන් අනතුරුව පිටියට එක්වූ චාමික කරුණාරත්න හා භානුක රාජපක්ෂ සටන්කාමී ඉනිම් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළා.

මෙහිදි බිනුර ප්‍රනාන්දු විසින් තරගයේ දී සුපිරි උඩ පන්දු රැක ගැනීමක් ප්‍රදර්ශනය කිරීමට බිනුර ප්‍රනාන්දු සමත් වුණා.

ඒ, ඕමාන නායක සීෂන් මක්සූද්ගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙනුයි.

මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ බිනුර ප්‍රනාන්දු ගුවනේ පාවී රැක ගත් සුපිරි උඩ පන්දුව හේතුවෙනුයි.

එම විශිෂ්ඨ උඩ පන්දුව පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button