ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට සුභ ආරංචියක් – මහේලගේ තනතුර පුලුල් වේ!

එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන කටයුතු කිරීමට නියමිතයි.

ඒ අනුව ඔහු අද(10) දිනයේදී එක්සත් අරාබී ඒමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග එක්වන බවත් වාර්තා වේ.

මේ අතර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙලෙසට උපදේශකයෙකු ලෙස පත් කළ මහේල ජයවර්ධන උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැදී සිටින කාලය දීර්ඝ කර තිබෙනවා.

මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මහේල ජයවර්ධන ලබන 16 වනදා සිට 23 වනදා දක්වා සතියක කාලයක් කණ්ඩායම සමග රැදී සිටින බවයි.

නමුත්, ඔහු අද දිනයේ දී කණ්ඩායම සමග එක්වීමත් සමග ඔහු කණ්ඩායම සමග රැදී සිටින කාලය සති දෙකක පමණ කාලයක් දක්වා දීර්ඝ වී ඇති.

මහේල ජයවර්ධන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම කණ්ඩායම අවසන් වටයට(Playoffs) සුදුසුකම් ලැබීමට සමත් වූයේ නැහැ. ඒ හේතුවෙන් මහේලට අද දිනයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට හැකියාව ලැබී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button