T 20 ලෝක කුසලානය අදින් ඇරඹේ – ශ්‍රී ලංකාව නැම්බියා සමග පිටියට පිවිසෙන්නේ මෙහෙමයි!

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අදින්(17) ආරම්භ වනවා.

මෙවර තරගාවලිය ක්‍රීඩාංගණ හතරකදි එලඹෙන නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු වටයේ තරග ආරම්භ කරමින් ඕමානය හා පැපුවා නිව්ගිනියාව මේ වනවිට තරග වදිමින් සිටියි.

තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් ප්‍රබල බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර තරගයත් අද රාත්‍රී 7.30ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදී ම ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ප්‍රථමයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

එක් කාණ්ඩයකට රටවල් හතරක් බැගින් ඇතුළත් අතර, එම කාණ්ඩවල පළමු ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් ද්විත්වය මෙවර තරගාවලියේ දක්ෂතම කණ්ඩායම් අට සමග. සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.

තරගාවලිය සඳහා මේ වනවිට දක්ෂතම රටවල් 8ක් සුදුසුකම් ලබා අවසන් නමුත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එයට සුදුසුකම් ලබා නැහැ.

ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදි සිය ප්‍රබල ප්‍රතිවාදියෙකු වන නැමීබියාවට එරෙහිව හෙට තරග බිමට පිවිසෙනවා.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හා අවසන් තරගය සදහා අමතර දිනයක් වෙන් කර තිබීම විශේෂත්වයක්.

කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු –

Round 1 –
Group A : Sri Lanka, Ireland, Netherlands, Namibia

Group B : Bangladesh, Scotland, Papua New Guinea, Oman

Super 12 –
Group 1 : England, Australia, South Africa, West Indies, top seed Group A, second seed Group B

Group 2 : India, Pakistan, New Zealand, Afghanistan, second seed Group A, top seed Group B

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button