මහේලගේ තීරණයේ වෙනසක් ? ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර මෙහෙයුම මෙන්න!

මේ වනවිට T20 ලෝක කුසලානයේ පළමු වටයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනා මහේල ජයවර්ධන, අද තරගයෙන් පසුව කණ්ඩායමෙන් ඉවත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාව පළමු වටයේ අවසන් තරගය ලෙස අද දින නෙදර්ලන්ත කණ්ඩායම සමග තරග වදිනවා. එම තරගයෙන් පසුව මහේල ජයවර්ධන කණ්ඩායමෙන් ඉවත් වී සිය පවුලේ සමාජිකයන් සමග එක්වීමට නැවතත් මවුරට බලා ඒමට නියමිතයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහේල ප්‍රකාශ කළේ තමන් දැන් දින 130කට වඩා සිය පවුලෙන් ඈත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කටයුතු කරන බවත්, එය පියෙකු වශයෙන් ඉතාමත් අසීරු කටයුත්තක් බවයි. ඒ හේතුවෙන් අද තරගයෙන් පසුව කණ්ඩායම හැර යන බව ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මහේලගේ තිරණය වෙනස් කරවමින්, ඔහුට සුපිරි 12 වටය සඳහාත් තරගාවලියේ රැඳි සිටීමට ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.

එහිදි මහේලගෙන් තවත් සති දෙකක කාලයක් කණ්ඩායම සමග රැඳි සිටින ලෙසට ඉල්ලීම් කිරීමට යෝජනා වී තිබේ. කෙසේ වෙතත් මහේලගේ පාර්ශවයෙන් තවමත් ඒ සඳහා සුභවාදි පිළිතුරක් ලැබී නැත.

කණ්ඩායම අත හැර පැමිණියත් සූම් සහ අන්තර්ජාලය ඔස්සේ කණ්ඩායම නිරතුරුවම අමතා සැලසුම් සකසා උපදෙස් ලබා දීමටත් මහේල ජයවර්ධන එකඟ වී තිබේ.

මහේල ජයවර්ධනගේ උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණීමත් විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button