මහීෂ් තීක්ෂණට ආබාධයක් – ලෝක කුසලානය අහිමි වෙයිද ?

T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ඊයේ (22) ඊයේ පැවැත්වුනා.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු අටක පහසු ජයක් ලබා ගත් අතර මේ සමගම පළමු වටයේ තරග තුනම ජය ගනිමින් ඔවුන් පහසුවෙන් සුපිරි 12 වටයට පිවිසුනා.

කෙසේ වෙතත් මෙහිදි යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් පාඩුවක් වුනා.

ඔහුට එහිදි යැවිය හැකි වූයේ එක් පන්දු වාරයක් පමණක් වන අතර, එහිදි ඔහු විසින් කඩුලු දෙකක් බිඳ දැමීමත් විශේෂත්වයක්.

ඉන්පසුව යළිත් පන්දු නොයවා ඔහු ක්‍රීඩාගාරය වෙත ගමන් කළා. මේ අනුව මහීෂ් තීක්ෂණට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ පළමු තරඟය අහිමි විය හැකි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරඟය හෙට (24) බංග්ලාදේශය සමග පැවැත්වෙනවා.

මෙම තරගයට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන අතර වෛද්‍ය වාර්තා සළකා බලමින් ඔහු පිළිබඳව ඉදිරි තීරණයක් ගැනීමට නියමිතයි.

යම්හෙයකින් මහීෂ් තීක්ෂණට ලෝක කුසලානය අහිමි වුවහොත් ඒ වෙනුවට ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට එක්වීමේ ඉඩක් පවතින බවත් ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button