චමින්ද වාස්ගෙන් ඉගෙන ගත් දෙයක් ගැන ලහිරු කුමාර කියූ අපූරු කතාව!

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බල ඇණිය මේවනවිට විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටිනවා.

දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර විසින් මෙහෙයවන මෙම ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය පැයට කිලෝමීටර 140ට වඩා වැඩි වේගයෙන් නිවැරදි එල්ලයේ පන්දු යවමින් සිටියි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අදහස් දැක්වූවා.

ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වේග පන්දු බැලඇණිය චමින්ද වාස්ගේ පුහුණුකාරීත්වය යටතේ විශාල වර්ධනයක් අත්කරගෙන සිටින බවයි.

ඊයේ පැවති තරගයේ ත්‍යාග ප්‍රධානෝත්වසයේදී තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින් ඔහු මෙම අදහස් පළ කළා.

”මම ගොඩක් කාලයක් සුදු බොලෙන් (එක්දින තරග) වල ක්‍රීඩා කරලා නෑ. නමුත් මම ඇතුළු අපේ වේග පන්දු බල ඇණිය වාස් සර් එක්ක හොඳට පුහුණුවීම් කළා. ගොඩක් මහන්සි වුනා. දැන් ඒ මහන්සියේ ප්‍රතිපල අපිට පෙන්න තියෙනවා… සතුටුයි ඒ ගැන” යනුවෙනි එහිදි ලහිරු කුමාර ප්‍රකාශ කළා.

නෙදර්ලන්තය සමග ඊයේ පැවති තරගයේදී ලකුණු 07කට කඩුලු 03ක් දවා ගනිමින් ලහිරු කුමාර තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button