විරාත් කෝලිට දැඩි විවේචන – ඓතිහාසික පරාජයෙන් පසු ඉන්දීය රසිකයන්ගේ හැසිරීම!

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවදානය දිනා ගත් තරගය වූ ඉන්දියාව හා පාකිස්තානය අතර අද(24) පැවැති තරගයෙන් කඩුලු 10ක සුපිරි ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වුණා.

මෙය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම පාකිස්තානය හමුවේ තරගයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසත් ඉතිහාසගත වුණා.

එමෙන්ම ඉන්දියාව කඩුලු 10කින් T20 තරගයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසද අද තරගය ඉතිහාස ගතවේ.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 151ක් රැස් කළා. – පාකිස්තානය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 17.5ක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර ගියේ ආරම්භක කඩුල්ල සදහා මොහොමඩ් රිස්වාන් හා බබාර් අසාම් අතර ගොඩ නැගුණු නොබිදුණු ලකුණු 152ක සබදතාවය හේතුවෙනි.

රිස්වාන් පන්දු 55කින් නොදැවී ලකුණු 79ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගිනි. නායක බබාර් අසාම් පන්දු 52කින් නොදැවී ලකුණු 68යි. හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඊට ඇතුළත්.

සිය ප්‍රතිවාදියා ඉදිරියේ අත්වූ මෙම අන්ත පරාජයෙන් පසුව ඉන්දීය රසිකයන් දැඩි පීඩනයක් එල්ල කරමින් සිටිනවා.

බොහෝ රසිකයන් පවසන්නේ ඉන්දීය නායක විරාත් කෝලිගේ දුර්වලත්වය හේතුවෙන් ඉන්දියාවට මෙම පරාජය අත් වූ බවයි.

මේ පිළිබඳව පළවූ අදහස් පහතින්,

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button