පරාජයන් කෝප වූ ඉන්දීය සිසුන් කාශ්මීර් සිසුන්ට පහර දීලා

ඉන්දීය කණ්ඩායම මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ අන්ත පරාජයකට ලක් වුනා.

මේ පරාජයත් සමග පංජාබ් ප්‍රාන්තයේ අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබමින් සිටින කාශ්මීර් සිසුන්හට ඊයේ(24) රාත්‍රී කාලයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පංජාබ්හි ඉංජිනේරු හා තාක්ෂණික ආයතනයක ඉගෙනුම ලබන සිසුන් පිරිසකට ශිෂ්‍ය නේවාසිකාගාරය තුළ දී පළමු ප්‍රහාරයක් එල්ල වී තිබුනා. ඊට අදාළ වීඩියෝ දර්ශනද මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යයට නිකුත් වී තිබේ.

එම අධ්‍යාපන ආයතනය තුළ කාශ්මීර් සිසුන් 90 දෙනෙකු පමණ ඉගෙනුම ලබමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් හා බිහාර් යන ප්‍රදේශවල සිසුන් 30 දෙනෙකු මෙම ආයතනයේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර, ඔවුන් විසින් කාශ්මීර් සිසුන්ගේ නේවාසිකාගාර වෙත කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව සඳහන්.

ඒ අනුව තරගයෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉන්දීය ආරක්ෂක අංශ පැමිණ මහත් ශ්‍රමයක් යොදා තත්ත්වය පාලනය කර තිබෙනවා.

අනෙක් සිදු වීම වාර්තා වන්නේ රයත් භාරත් විශ්වවිද්‍යාලයෙනි.

හර්යානා ප්‍රාන්තයේ සිසුන් පිරිසක් විසින් මෙම පහර දීම සිදු කර ඇති බවටයි අනාවරණය වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button