පරාජයෙන් වියරු වැටුනු ඉන්දිය රසිකයන්ගෙන් ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ශාමිට ප්‍රහාරයක් – ශෙවාග්, හර්බජං ශාමි වෙනුවෙන් පෙනී සිටියි!

ඉන්දියාව සහ පාකිස්තානය අතර T20 ලෝක කුසලාන තරගයෙන් ඊයේ දින පාකිස්තානය ජය ලැබූවා.

ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයෙන් පසුව ඉන්දීය මාධ්‍ය සහ රසිකයන් දැඩිව ඉන්දීය කණ්ඩායමේ නායකයා සහ ඇතැම් ක්‍රීඩකයන් විවේචනය කරමින් සිටිනවා.

මෙහිදී ඉන්දීය නායක විරාත් කෝලි සහ කණ්ඩායමේ ක්‍රීඩා කරන මොහොමඩ් ශාමි දැඩි විවේචනයකට ලක්ව තිබේ.

එහිදී ඇතැම් රසිකයන් මොහොමඩ් ශාමිට “පාකිස්තානයට පලයන්” යනුවෙන් විවේචනය කර තිබීමද විශේෂත්වයක්.

එවැනි පසුබිමක හිටපු සහ වර්තමාන ක්‍රීඩකයන් බොහො දෙනෙක් මොහොමඩ් ශාමි වෙනුවෙන් ඉදිරිපත් වී තිබේ.

සටහනක් තබමින් සචින් තෙන්දුල්කාර් පවසන්නේ මොහොමඩ් ශාමි වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි.

යුස්චේන්ද්‍ර චහාල් තමන් මොහොමඩ් ශාමි වෙනුවෙන් පෙනී සිට්න බවත් ට්විටර් පණිවිඩයකින් පැහැදිලි කර තිබේ.

විරේන්ද්‍ර ශෙවාග් පවසා ඇත්තේ මොහොමඩ් ශාමිට අන්තර්ජාලය හරහා එල්ල වූ ප්‍රහාරය තමන් කම්පනයට ලක්වූ බවයි.

හර්බජං සිංග් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ තමන් මොහොමඩ් ශාමිට ආදරය කරන බවයි.

එම ට්විටර් පණිවිඩ පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button