ඉන්දීය ප්‍රීමියර් ලීගයට අලුත් කණ්ඩායම් දෙකක් – එක් කණ්ඩායමක වටිනාකම ධම්මික පෙරේරාගේ ධනයත් ඉක්මවා යයි!

ලොව විශාලතම ක්‍රිකට් ලීගය ලෙසින් යළිත් වරක් පුලුල් වෙමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තවත් කණ්ඩායම් දෙකකින් විශාල වී තිබේ.

මේ අනුව ලක්නම් සහ හයිද්‍රාබාද් නගර කේන්ද්‍ර කරගනිමින් එක් කළ නව කණ්ඩායම් දෙකේ හිමිකාරීත්වය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගියදා ලංසු කැඳවූවා.

එහිදි එම කණ්ඩායම් දෙක වෙනුවෙන් ඉහළම ලංසු ඉදිරිපත් කරමින් නව කණ්ඩායම් දෙකෙහි හිමිකාරීත්වය ලබා ගැනීමට ගෝලීය බිලියනපති සමාගම් දෙකක් වන RPSG සමූහය හා CVC Capital ආයතනය සමත් වී තිබෙනවා.

CVC Capital යනු ජාත්‍යන්තර ආයෝජන සමාගමක් වන අතර, RPSG සමූහය යනු ඉන්දීය බිලියනපති සංජීව් ගොයින්කාගේගේ හිමිකාරීත්වයෙන් යුත් ජාත්‍යන්තර සමාගමක්.

ඉන්දීය, ඇමෙරිකානු, එංගලන්ත, කැනේඩියානු ආදී ලොව පුරා ධනවත්ම සමාගම් නවයක් විසින් මෙම කණ්ඩායම් දෙක උදෙසා ලංසු ඉදිරිපත් කර තිබූනා.

ඒ අතර ලොව ජනප්‍රියතම පාපන්දු කණ්ඩායමක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ අයිතිය හිමි සමාගමද වූවා.

මෙහිදී RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7,090 කට හිමි කර ගත්තා.

CVC Capital සමාගම විසින් අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5,625 ක මුදලකටයි.

මෙම ගනුදෙනුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් වන අතර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරාගේ සම්පූර්ණ වටිනාකම වන්නෙත් ඩොලර් මිලියන 800කි.

ඒ අනුව ලබන වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එම කණ්ඩායම් දෙක එක්වීමත් සමග තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යනවා. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනය සෙසු ක්‍රිකට් ආයතන අතර ධනවත්ම ක්‍රිකට් ආයතනය ලෙස සිය ආධිපත්‍ය තවදුරටත් පුලුල් කරනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button