“අපි දන ගහන්නේ නෑ” – ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් “බ්ලැක් ලයිව්ස් මැටර්” ව්‍යාපාරයෙන් ඉවත් වේ! (Breaking News)

මෙවර ලෝක කුසලානයේ “බ්ලැක් ලයිව්ස් මැටර්” ව්‍යාපෘතිය වෙනුවෙන් සිය කණ්ඩායම තරගයකට පෙර දන නොගසන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම නිල තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මින්පෙර තරග හතරකට ක්‍රීඩා කළ අතර, ඔවුන් මෙම තරග හතරටම දන නැමුවේ නැහැ.

මොකක්ද මේ දන නැවීම ?

ඇමෙරිකා එක්සත් ජනපදයේ “ජෝර්ජ් ෆ්ලොයිඩ්” නම් පුද්ගලයෙකු එරට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූවා. ඉන්පසුව එරට පුරා විශාල කැරළි ඇති වූවා.

ඉන්පසුව වාර්ගික සමානත්වය ඇති කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩා තරග ආරම්භ කිරීමට පෙර දන නැවීම සිරිතක් වූවා. එමගින් සහය පළ කරන්නේ “බ්ලැක් ලයිව්ස් මැටර්” දේශපාලන ව්‍යාපාරටයි.

ඇමෙරිකාවේ ජාතික පාපන්දු ලීගය, පැසි පන්දු සහ බේස් බෝල් තරග ක්‍රීඩා කිරීමට පෙර මෙලෙසට ක්‍රීඩකයන් දන නැවීම දේශපාලනික රැල්ලක් වූවා. ඒ සඳහා විරුද්ධ වූ ක්‍රීඩකයන් සහ සහභාගී වූ ක්‍රීඩකයන් කණ්ඩායම් වලින් ඉවත් කිරීමටත් කණ්ඩායම් ක්‍රීයා කලා.

ඉන්පසුව මෙය පාපන්දු ඇතුලු සෙසු ලෝකයේම රැල්ලක් ලෙස පැතිර ගියා. මෙහි අරමුණ වූයේ වාර්ගික සමගිය උදෙසා ක්‍රීඩාව යොදා ගැනීමයි.

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට මෙම “BLM” ව්‍යාපාරයට සහය දක්වමින් දන නැවීම පළමු වරට මෙවර ලෝක කුසලානයට පැමිණියා.

මෙහිදි එලෙසට දන නොනැමූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ‘ක්විංටන් ඩි කොක්’ කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් එරට ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

එවැනි පසුබිමක ශ්‍රී ලංකාව මෙලෙසට තරගයක් ආරම්භයට පෙර දන නොනමන බව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙක් මාධ්‍යයට තහවුරු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button