ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව ගැටෙන තීරණාත්මක තරගය අදයි – අද තරගයේ සිදුවන වෙනස්කම් මෙන්න!

T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අදට යෙදී තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය අද (28) මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ තරගය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වෙනස්කමක් වීමට නියමිතයි. ඒ අනුව ආබාධයකට ලක් වූ දග පන්දු යවන ක්‍රීඩක මශීෂ් තීක්ෂණ අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම ආබාධය හේතුවෙන් මහීෂ් තීක්ෂණ මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

පසුගියදා නෙදර්ලන්තය සමග තරගයේදි අබාධයට ලක්වූ ඔහු මේ වනවිට සුවය ලබමින් සිටිනා බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අනුව බොහෝ විට බිනුර ප්‍රනාන්දු අද තරගයෙන් ඉවත් වීමේ ඉඩක් තිබෙන අතර, ඒ වෙනුවට මහීෂ් තීක්ෂණ කණ්ඩායමට එක්වීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button