ඕස්ට්‍රේලියානු පරාජයත් සමග ශ්‍රී ලංකාව යළිත් අවසන් පූර්ව අවස්තාවක් විවර වේ- සුදුසුකම් ලබන්නේ මෙහෙමයි!

2021 T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි අවස්තාවක් යළිත් ශ්‍රී ලංකාවට විවර වූවා. ඒ ඊයේ දින එංගලන්තය සමග තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟයි.

මේ වනවිට ශ්‍රී ලංකාව සහභාගී වන A කාණ්ඩයේ තවත් තරඟ 6 ක් ඉතිරිව පවතී.

අවසන් පූර්ව වටයක් සඳහා යෑමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හා කොදෙව්වන් සමඟ පැවැත්වෙන තරඟ ද්විත්වයම ජයග්‍රහණය කල යුතුය. එවිට ප්‍රසාද ලකුණු 6 කට හිමිකම් කියමින් A කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා පැමිණිය හැක.

එපමණක් ප්‍රමාණවත් නොවන අතර ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාණු කණ්ඩායම් සමඟ පැවැත්වෙන තරඟ ද්විත්වය බංග්ලාදේශය ජයගතහොත් ඔවුන් හට ප්‍රසාද ලකුණු 4 ක් හිමි වන අතර එවිට එම කණ්ඩායම් වලට ප්‍රසාද ලකුණු රැස් කිරීමේ අවස්තාවක් අහිමි වේ.

කොදෙව්වන් පළමු වටයේදී ඔවුන් මුහුණ දෙන අවසන් තරඟයේදී යම්හෙයකින් ඔස්ට්‍රේලියාව පරාජය කලහොත් ඔවුන්ට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවනු ඇත. ඉන්පසුව A කාණ්ඩය යටතේ පැවැත්වෙන අවසන් තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත් වුවහොත් දකුණු අප්‍රිකානුවන් හටද ලෝක කුසලන සිහිනය අත් හැරීමට සිදු වනු ඇත.

එවිට ප්‍රසාද ලකුණු සටහනේ පිලිවෙලින් එංගලන්තය හා ශ්‍රී ලංකාව මුල් ස්ථාන ද්විත්වය වෙන් කරගනු ඇත. ඒ පිලිවෙලින් ප්‍රසාද ලකුණු 8 ක් හා 6 ක් බැගින් ලබා ගනිමින්‍ ය.

තවද ඉදිරි තරඟ 6 තුල ඔස්ටේලියාව හා දකූණු අප්‍රිකාව මුහුණ දෙන සියලුම තරඟ පරාජය වී කොදෙව්වන් එක් තරඟයක් හා බංග්ලාදේශය තරඟ දෙකක් ජයග්‍රහණ කර ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු තරඟ ද්විත්වයම ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්වට වටයට පිවිසීමට අවස්තාව හිමි වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button