අවමන් සහගත පරාජයෙන් පසුව විරාත් කෝලිට නායකත්වයෙන් ඉවත් වීමට බලපෑමක්!

බිලියන ගණනක රසික පිරිසකගේ දැඩි පීඩනය මැද මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන්ද දරුණු පරාජයකට ලක් වීමට ඉන්දියාවට අද සිදු වුණා.

ඒත් සමගම ඉන්දීය කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමත් තරමක අසීරු තත්ත්වයකට පත්ව තිබේ.

ඩුබායිහි පැවැති තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුණා.

ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් යුත් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණයි.

ඉන්දීය ඉනිමේ හත්වන පන්දුවාරයේ සිට 15 වන පන්දුවාරය දක්වා කිසිදු හතරේ පහරක් වාර්තා නොවූ අතර එවැන්නක් මෙවර ලෝක කුසලානයේ දී සිදු වූ ප්‍රථම අවස්ථාවද එයයි.

ඉන්දියාවේ වැඩිම ලකුණුලාභියා වූ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 26ක් ලබා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23ක්. නායක විරාට් කෝලි පන්දු 17කින් රැස් කළේ ලකුණූ 9ක් පමණි.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් සහ ඉෂ් සෝදි කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14.3ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී පහසුවෙන් ජයග්‍රහාහි ඉලක්කය පසුකර ගියා. එහිදි ඩැරල් මිචෙල් ලකුණු 49ක් සහ නායක කේන් විලියම්සන් නොදැවී ලකුණූ 33ක් රැස් කළා.

මෙම පරාජයත් සමග ඉන්දීය මාධ්‍ය සහ සමාජමාධ්‍ය ඔස්සේ ඉන්දීය නායක විරාත් කෝලිට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටිනවා. ඒ නායකත්වයෙන් ඉවත් වන ලෙසටයි. ට්විටර් සමාජජාලා මාධ්‍යයේ පළවූ එවන් පණිවිඩ කිහිපයක් පහතින්,

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button