මාර පරාජයෙන් පසුව ඉන්දියාවට දෝනි මතක් වෙයි – යළිත් කණ්ඩායමට එන්නැයි රසික ඉල්ලීම්!

මෙවර T20 ලෝක කුසලානයේ පිට පිටම දෙවන වරටත් අමිහිරි පරාජයක් විඳීමට ඉන්දියාවට සිදු වුනා.

ඒත් සමගම ඉන්දීය කණ්ඩායමට මේ වනවිට රසිකයන්ගෙන් සහ මාධ්‍යයෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ.

ඉන්දියාව මෙවර ලෝක කුසලානයට පැමිණියේ දැඩි බලපොරොත්තු රැසක් සමගින් තරගාවලිය ජය ගැනීමට වඩාත් වාසිදායක කණ්ඩායම ලෙසිනි.

ඒ හේතුවෙන් මෙම පරාජය ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. ඒ සමගම ඉන්දීය නායක විරාත් කෝලි නායකත්වයෙන් ඉල්ලා අස් විය යුතු බව කියමින් සමාජජාලාවන්ගේ රසිකයන් සහ මාධ්‍ය ඉන්දීය නායක විරාත් කෝලිට එරෙහි ව්‍යාපාරයක් අරඹා තිබේ.

එයට අමතරව ඔවුන් ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි යළිත් කණ්ඩායමට එන ලෙසද ඉල්ලීම් කරමින් සිටීම විශේෂත්වයක්.

එවන් සටහන් කිහිපයක් පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button