ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම දන නොනැවීම සුදු ජාතික පුහුණුකරු මිකී ආතර්ගේ තීරණයක් ?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙවර T20 ලෝක කුසලානයේදී ක්‍රිකට් ක්‍රීඩාවට නවමු අංගයක් එකතු වුනා.

ඒ වාර්ගික සංහිඳියාව උදෙසා ක්‍රීඩාවෙන් දායකත්වය ලබා දෙන “BLM ව්‍යාපාරයට” සහය දක්වමින් ක්‍රීඩකයන් තත්පර තිහක් දන නැවීමයි. මෙහිදී සිදු කෙරෙන්නේ අතීතයේ සහ වර්තමානයේ සිය හමේ වර්ණය නිසා නොයෙකුත් පීඩාවන්ට හිංසාවන්ට පත්වූ කලු ජාතික ජනතාවට සහය පළ කිරීමකුයි.

මින්පෙර පාපන්දු ලෝකය ඇතුලු වෙනත් ක්‍රීඩා මෙම ව්‍යාපාරයට සහය දෙමින් සිටිනවා.

මෙහිදී එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි ක්‍රිකට් ලොව බලවත්ම රටවල් මෙන්ම තරගාවලියේ සෑම කණ්ඩායමක්ම එම ව්‍යාපාරයට සහය දෙමින් එක්වුනා. එය ජාත්‍යන්තර මාධ්‍යයේ පැසසීමටද ලක්වුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ව්‍යාපාරයට සහය නොදීමට තීරණය කළ බව මින්පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් BLM ව්‍යාපාරයට සහය දෙමින් දන නැමීම සිදු කළේ නැහැ.

එලෙස නොකළ තරගාවලියේ එකම කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම තීරණයට හේතුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර්ගේ තීරණයක් බවට මාධ්‍යවාර්තා පළවී තිබේ.

මිකී ආතර් දකුණු අප්‍රිකානු සුදු ජාතිකයෙකු වන අතර දකුණු අප්‍රිකානු සුදු ජාතික ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් BLM ව්‍යාපාරයට සහය දැක්වීමට ප්‍රතික්ෂේප කළා. ඒ අතර දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්විං‍ටන් ඩි කොක්ද සිටීම කතාබහට ලක්වුනා.

පසුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් ක්විංටන් ඩිකොක්ගේ ක්‍රිකට් තහනම් කිරීමට සුදානම් වූ පසුව ඔහු විසින් සිය තීරණය යළි වෙනස් කරමින්.

කෙසේ වෙතත් මේ අකාරායට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම BLM ව්‍යාපාරයෙන් ඉවත් වූ හේතුව පුහුණුකරු මිකී ආතර්ද යන වග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් හෙළිකර නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button