ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගැන බ්‍රැඩ් හොග් කියූ දේ

T20 ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඊයේ පැවැත්වුනා. එම තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු හයක පහසු ජයක් ලැබූවා.

මෙම තරගයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහී ගොස් නිල වශයෙන් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වූවා.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 26 ක තියුණු පරාජයකට මුහුණ දීම තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ඉවත් වීමට බලපෑ ප්‍රධාන සාධකය බවට පත් වුණා.

කෙසේ වෙතත් චරිත් අසලංක, වනිඳු හසරංග වැනි යොවුන් ක්‍රීඩකයන් මෙවර ලෝක කුසලානයේදි දැක්වූ දස්කම් බොහො දෙනෙකුගේ කතාබහට ලක්වුනා.

ඇතැම් අඩුපාඩු තිබුනත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල එංගලන්තය වෙත එල්ල කළ අභියෝගය නිසැකවම බොහෝ දෙනෙකු අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළින් පැවතුණා.

සාජා තණතීරුවේ ලකුණු 164 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේදී පවා අවසන් පන්දුවාර කිහිපය දක්වා තරගයේ රැදී සිටීමට ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා දුන් උත්සාහය බොහෝ පාර්ශවයන්ගේ ඇගයීමටද ලක්වුණා.

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රැඩ් හොග්ද අදහස් දක්වා තිබුනා.

ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව තමා වඩාත් සතුටු වන බවත්, මිකී ආතර් දක්ෂ තරුණයන්ගෙන් යුත් හොඳ කණ්ඩායමක් ගොඩනගා ඇති බවත් ඔහු එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.

මෙවර තරගාවලියේදී ප්‍රබල එංගලන්ත කණ්ඩායමට මේ දක්වා ප්‍රබලම අභියෝගයක් එල්ල කළ කණ්ඩායම බවට පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආඩම්බර විය හැකි බව ද ඔහු සදහන් කර තිබේ.

ඔහුගේ එම ට්විටර් පණිවිඩය පහතින්,

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button