ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මවුරටට පැමිණීම “හිරු නාළිකාවට” වැසේ!

2021 T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන මවුරටට පැමිණියා.

ඒ තරගාවලියේ සුපිරි 12 වටයේදී හොදින් ක්‍රීඩා කරමින් තරග පහක් තුල තරග දෙකක් ජයගත්තා. කෙසේ වෙතත් එම දස්කම් තරගාවලියේ අවසන් පූර්ව වටයට ප්‍රවිශ්ඨ වීමට ඔවුන්ට හැකියාවක් හිමි වූයේ නැහැ.

ඒ හේතුවෙන් එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයෙන් පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. අද පෙරවරු 1:30ට පමණ ඔවුන් රැගත් ගුවන් යානය මවුබිමට ලඟා වූ බව වාර්තා වේ.

කණ්ඩායමේ පැමිණීම වාර්තා කිරිමට කණ්ඩායමේ පුවත් ආවරනය කිරීමට හිරු ටීවි නාළිකාවට ඉඩ නොදුන් බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ බවට සමාජජාලා මාධ්‍යයේ පළවූ පුවතක සඳහන්ව තිබුනේ අද උදෑසන මවුබිමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුවත අනාවරනය කිරීමට හිරු ටීවි මාධ්‍යයවේදියාට පැමිණීමට ඉඩ නොදුන් බවයි.

මේ සඳහා හේතුව හිරු ආයතනය විසින් පසුගිය සමයේ කණ්ඩායම විවේචනය කිරීම බවත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම පුවත හිරු ටීවි ආයතනය විසින්ද සනාත කරනවා. අද (06) ඔවුන්ගේ මධ්‍යාහ්න ප්‍රවෘත්ති විකාශයේත් මේ බව වාර්තා කර තිබේ.

හීරු ටීවි නාළිකාව නියෝජනය කරමින් බර්ටි වීරසිංහ සහ ප්‍රසාද් මුතුකුඩ මාධ්‍යවේදින් දෙදෙනාට ගුවන්තොටුපළ පරිශ්‍රය ඇතුල් වීමට ඉඩ දී නැහැ.

කෙසේ වෙතත් දෙරණ, ස්වර්ණවාහිනිය ආදි මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ඒ සඳහා ඉඩ ලබා දුන්නා. මේ පිළිබඳව අදහස් දක්ව්න ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කලේ සිය අධ්‍යක්ෂකවරයාගේ අණක් හේතුවෙන් මේ සඳහා හිරු ටීවි නාළිකාවට ඉඩ ලබා නොදුන් බවයි.

කෙසේ වෙතත් මේ සඳහා හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ කටුනායක ගුවන් තොටුපළ විසින් තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button