මිචෙල් ස්ටාර්ක්ට ඇන්ඩ්‍රෙ රසල් ගැසූ මීටර් 111ක යෝද හයේ පහර! (VIDEO)

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහරේ වාර්තාව තමන් සතු කර ගැනීමට කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් අද (6) සමත් වුණා.

ඒ, අබුඩාබි ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වුනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගයේ දීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන්ම පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන් නියමිත පන්දුවාර විස්ස තුල කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

එහිදි මිචෙල් ස්ටාර්ක් විසින් යොමු කළ ඉනිමේ අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවට ඩීප් මිඩ් විකට් කලාපය දෙසින් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට ඇන්ඩ්‍රි රසල් සමත් වුණා.

එහි දුර දැක්වුණේ මීටර් 111 ක් ලෙසයි.

මෙවර තරගාවලියේ පිතිකරුවෙකු වාර්තා කළ දැවැන්තම හයේ පහර එයයි.

එහි වීඩියෝ දර්ශන පහතින්,

 

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 16.2ක් තුල කඩුලු දෙකක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියා. එහිදි සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 59ක් තුල ලකුණු 89ක් ලබා ගත්තා. මිචෙල් මාර්ෂ් පන්දු 32ක් තුල ලකුණු 53යි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button