ඇෆ්ගණිස්ථාන – නවසීලන්ත තරගයට තනතීරූව සෑදු තනතීරු භාරකරු මියයයි! (Breaking News)

මෙවර T20 ලෝක කුසලාන තරග මාලාවේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙමින් තිබෙනවා.

ඒ නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයයි. මෙම තරගයෙන් නවසීලන්තය ජය ගතහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ඇෆ්ගනිස්ථානය ජය ගතහොත් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

මේ නිසා මෙම තරගයට ඉන්දියාව විසින් දැඩිව මැදිහත් වූ අතර ඉන්දීය තරගයට ක්‍රීඩා නොකළ ඇෆ්ගන් ක්‍රීඩක මුජීබර් රහුමාන් අද තරගයට ක්‍රීඩා කරනවා.

මේ අතර අද තරගයට තනතීරු සැකසූ අබුඩාබී තනතීරු භාරකරු මොහාන් සිංග් මියගොස් තිබෙන බව වාර්තා වේ. අද උදෑසන ඔහු තමන්ගේ හෝටල් කාමරය තුල මියගොස් සිටි බව වාර්තා වෙනවා.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඇෆ්ගනිස්ථානයට සුදුසු තනතීරුවක් සාදන ලෙසට ඔහුට දැඩි පීඩනයක් එල්ල කළ බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙසට තීරණාත්මක තරගයක තනතීරු භාරකරු හදිසියේ මිය යාම දැඩි ලෙස සැකසහිත පුවතක් වනවා.

මෙය මේ ලෝක කුසලානය කොතරම් දුරට සාධාරණදැයි යන ගැටලුවද ඇති කරනවා.

මින්පෙර ඇෆ්ගනිස්ථාන – ඉන්දියා තරගයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කළ අන්දමත් සැකසහිත බවයි විචාරකයන් මින්පෙර අදහස් දැක්වූව්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button