ඉන්දීය රසිකයන්ගේ කෝපය ඉහ වහා යයි – විරාත් කෝලිගේ මාස නවයක් වයසැති බිළිඳු දියණියටත් තර්ජන!

කිසිවෙකුත් නොසිතූ ලෙසට මෙවර T20 ලෝක කුසලානයේ ඉදිරියට ගමන් කිරීමට ඉන්දීය කණ්ඩායමට නොහැකි වුනා.

පාකිස්තානය සහ නවසීලන්‍තය හමුවේ සිය ප්‍රථම තරග දෙක පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවත් වීමේ සලකුනු විවර වූවා.

පසුව ඔවුන් උපරිම උත්සාහ කළත් නවසීලන්ත කණ්ඩායම ඇෆ්ගණිස්ථානය පරාජය කිරීමත් සමග ඉන්දියාවට ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයෙ නැහැ.

මේ සමගම ඉන්දීය ක්‍රිකට් රසිකයන් දැඩි ලෙස කෝපයට පත්වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙයට තවත් හේතුවක් වන්නේ රසිකයන් විවේචනය කළ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි වෙනුවෙන් විරාත් කෝලි පෙනීසිටීමයි.

එහි ආසන්නතම සිදුවීම වන්නේ ඉන්දීය නායක විරාත් කෝලීගේ මාස නවයක් වයසැති සිගිති දියණියත් සම්බන්ධ කරගනිමින් ඉන්දීය රසිකයන් නායක විරාත් කෝලීට තර්ජනය කිරීමයි.

මෙම තර්ජන සමග වහාම ක්‍රියාත්මක වූ ඉන්දීය ආරක්ෂක අංශ මෙම තර්ජන සිදු කළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට විමර්ෂනයක් ආරම්භ කර තිබේ.

සිය සිඟිති දියණිය ඉලක්ක කරගනිමින් සිදු කරන තර්ජන හේතුවෙන් විරාත් කෝලි දැඩි මානසික පීඩනයකට පත්ව තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button