මංගල තරගයේදීම ආබාධයට ලක්වූ කොදෙව් යෞවනයා තරගයෙන් ඉවතට – ආදේශකය නම් කෙරේ!

මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ අයහපත් සෞඛ්‍ය තත්වය නිසා තරගයෙන් ඉවත් කර තිබේ.

ඒ වෙනුවට ආරම්භක පිතිකරු ෂායි හෝප් කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 දෙනා අතරට ආදේශ කිරීමට කොදෙව් කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගෙන තිබේ.

එම ආදේශ කිරීම සදහා තරග තීරක රංජන් මඩුගල්ල මහතා අනුමැතිය ලබා දී තිබේ.

මේ අනුව අද දිනයේ දී ජෙරමි සොලොසානෝ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලය වෙත පැමිණෙන බව කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.

තරගය ඊයේ දින ආරම්භ වූ අතර යොවුන් ක්‍රිඩක ජෙරමි සොලොසානෝ ටෙස්ට් වරම් දිනාගත්තේත් එම තරගයේදීයි. කෙසේ වෙතත් සිය ටෙස්ට් දිවියේ ප්‍රථම දිනයේම ඔහු අනතුරකට මුහුණ දුන්නේ ශෝර්ට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් පන්දුව හිස් ආවරණයේ වැදීම හේතුවෙනි.

අනතුරුව ඔහු ගිලන් රථයක් මගින් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගත්තා. සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ එම අනතුරෙන් සොලොසානෝට බරපතල හානියක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ යුතු බැවින් ඊයේ රාත්‍රී කාලය පුරාවටම ඔහු රෝහල් ගත කර තිබුනා.

පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූයේ සොලොසානෝ මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන බවයි. ඒ ඔහු කම්පන තත්ත්වයකින් පසුවන බවට වෛද්‍ය පරීක්ෂණ අනාවරණය වීම හේතුවෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button