ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට සුභ පණිවිඩයක්!

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙරට රසිකයන්ට ක්‍රීඩාංගණ වෙත ගොස් නැරඹීම සදහා අවසර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මේ වන විට හිමිව ඇති බවයි.

ක්‍රීඩා අමාත්‍යංශය සකස් කළ දැඩි මාර්ගෝපදේශ සලකා බැලීමෙන් පසුව ඒ සඳහා අවසර හිමි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ප්‍රේක්ෂකයින්ගෙන් තොර වූ ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැති බවයි.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය තරගාවලියේ සුප්‍රකටම කණ්ඩායම් ද්විත්වය වන ගාල්ල හා යාපනය කණ්ඩායම් අතර දෙසැම්බර් 5 වැනිදා ඇරඹෙන්නේ රාත්‍රී 7.30ටයි.

තරග 20කින් යුත් පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ සුපිරි තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අවසන් තරගය දෙසැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button