රැකියාවක් දෙන්නම පත් කළ සචිත් පතිරණ සිටියදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තවත් දග පන්දු පුහුණුකරුවෙක්!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලයිකා මොබයිල්ස් සමාගමට අයත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට තවත් පුහුණුකරුවෙකු ඇතුළත් කර තිබේ.

ඒ අනුව නව දඟ පන්දු පුහුණුකරු වශයෙන් මුතුමුදලිගේ පුෂ්පකුමාර පත් කළ බව එම කණ්ඩායම නිවේදනය කරනවා.

මීට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් මහනුවර දිස්ත්‍රීක් ප්‍රධානියා වන ජනක පතිරණගේ පුත් සචිත් පතිරණ පත් කර තිබුනා.

කෙසේ වෙතත් සචිත් පතිරණ පුහුණුකරු ලෙස අත්දැකීම් නොමැති, පුද්ගලයෙක්. ඔහුට මින්පෙරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් විවිධ තනතුරු හිමි වූ අතර ඒ බොහො විට ඔහුගේ පියාගේ නිල බලය පැවති බවටත් විවිධ චෝදනා එල්ල වූවා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තිළිණ කණ්ඩම්බියි. ඔහු මෙරට අත්දැකීම් බහුලම පුහුණුකරුවෙක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button