කෝලි යටතේ අවාසනාවන්ත වූ ඉන්දීය කන්ඩායම ක්‍රමයෙන් ජය මාවතට!

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කන්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දිනය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 345ක් රැස් කරගත්තා. එහිදි ටෙස්ට් වරම් දිනාගත් යොවුන් ක්‍රීඩක ශ්‍රේයස් අයියර් දැක්වූ දස්කම් කැපී පෙනුනා.

ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ මයාන්ක් අගාර්වල් හා ෂුබ්මන් ගිල් පළමු කඩුල්ලට ලකුණු 21ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එම සබදතාවය බිද වැටුණේ ක්යිල් ජමීසන් විසින් අගාර්වල්ගේ කඩුල්ල ලකුණු 13ක් ලබා සිටියදී දවා ගැනීමත් සමගයි.

චෙටස්වර් පුජාරා ලකුණු 26කටත්, අජින්කෙයා රහානේ ලකුණු 35කටත් දැවී ගියා.

සිය සිව්වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ශුබ්මන් ගිල් ලකුණු 52ක් ලබා ගත්තා.

සිව්වන කඩුල්ල ලකුණු 145 දී බිද වැටුණු අතර, ඉන් අනතුරුව පිටියට එක්වූ ශ්‍රේයස් අයියර් සහ රවීන්ද්‍ර ජඩේජා ඉන්දීය ඉනිම ගොඩ නැගීම ඇරඹුවා.

සිය මංගල ටෙස්ට් තරගයේම ශතකයක් රැස් කළ ශ්‍රේයස් අයියර් ලකුණු 102ක් රැස් කළේ හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමගින්. හතරේ පහර 6ක් සමගින් රවීන්ද්‍ර ජඩේජා ලකුණු 50ක් රැස් කළා.

මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරන්නේ අජින්ක්‍යා රහානී විසින්. විරාත් කෝලි මෙම තරගයට ක්‍රීඩා කරන්නෙ නැහැ.

විරාත් කෝලිගේ නායකත්වය නොමැතිව ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ තරග හතරේම කාසියේ වාසිය ඔවුන් දිනාගත්තා. පසුගිය ලෝක කුසලානයේ මුල් වටයෙන්ම කැපි ගිය ඉන්දීය කණ්ඩායම 3-0ක් ලෙස පරාජය කිරීමට රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් ඉන්දීය T20 කණ්ඩායමත් පසුගියදා සමත් වුනා.

මේ සම්බන්ධයෙන් විචාරකයන් පවසන්නේ නව නායකත්ව යටතේ ඉන්දීය කණ්ඩායම ක්‍රමයෙන් ජය මාවතට පිවිසෙමින් පවතින බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button