දෙවෙනි තරගයට එක් වෙනසක් – යොවුන් අසලංකට ටෙස්ට් වරම් ?

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වමින්ද ප්‍රකාශ කළේ කණ්ඩායමේ වෙනසක් ඇති විය හැකි බවයි.

එහිදි දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ වේග පන්දු යවන්නෙකු වෙනුවට තවත් අමතර පිතිකරුවෙකු කණ්ඩායමට කැදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට අසාර්ථක වූ නොම්මර තුන පිතිකරු ඔෂධ ප්‍රනාන්දු වෙනුවට චරිත් අසලංක කැඳවීමේ ඉඩක්ද මතුව තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට තුළ පැවැත්වෙන ටෙස්ට් තරග සියල්ලම ජය ගැනීම අතිශය වැදගත්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button