සිම්බාබ්වේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ සිර වෙලා!

මේ දිනවල සිම්බාබ්බේ තරග සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යලි ගෙන්වාගැනීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව වාර්තා වේ.

මේ සඳහා හේතු වී ඇත්තේ අප්‍රිකානු කලාපයේ පැතිරී යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍ය ඇතුළු අෆ්‍රිකානු රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණීම තහනම් කර තිබීමය.

මෙම තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන ගෙන්වාගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමගින්ද තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button