යොවුන් ප්‍රවීන් ජයවික්‍රම දිනාගත් LPL කණ්ඩායම!

යොවුන් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම එළඹෙන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, ලබන 5 වැනිදා සිට ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙනි.

එල්.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ඇන්ජලො මැතිවුස්, කුසල් ජනිත් පෙරේරා, ප්‍රවීන් ජයවික්‍රම ඇතුළු ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් විසින් මිලට ගෙන තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු ඇතුළුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් සියලු කණ්ඩායම් වෙත යොමු කළේ ඉන් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීම සියලු කණ්ඩායම් වෙත අනිවාර්යය කරමින්.

මේ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ප්‍රවීන් ජයවික්‍රම මිලට ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button