චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වී වෙනත් රටකට ක්‍රීඩා කිරීමට යයි ?

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකා සහ නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවත් එම වාර්තාවන්ගේ සඳහන්.

පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදෙස් රටකට ක්‍රීඩා කිරීමට විදේශ ගත වනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

චමරි අතපත්තු කාලයක පටන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ අතර ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදකලා සටනක නිරත වූවා. බොහො තරග වල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පිත්තෙන් දායකත්වය දැක්වූ එකම ක්‍රීඩිකාව වූයේ ඇය පමණයි.

එසේ වූවත් ඇයගේ දක්ෂතා පමණක් ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට ජයග්‍රහණයක් ලබා දීමට අපොහොසත් වූවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button